ස්කොට්ලන්ත සහ ඇමරිකා එක්සත් ජනපද පර්යේෂකයන් පිරිසක් විසින් හෘදයාබාධයක් වැළඳී ඇත්ද යන්න තීරණය කෙරෙන සරල ලේ පරීක්ෂණයක් සොයා ගනු ලැබ සිටිති.

දැනට භාවිතයේ පවතින ලේ පරීක්ෂණයක් ඉතා සියුම් ලෙස වැඩි දියුණු කිරීමෙන් සොයාගෙන ඇති බව කියන නව ක්‍රමවේදය මගින්  හෘදයාබාධයක් වැළඳෙන අවස්ථාවේ දී ලේ වල ඉහළ මට්ටමකින් පවතින ට්‍රොපොනින්(troponin) නමැති ප්‍රෝටීන අනාවරණය කර ගැනීමට නව පරීක්ෂණය මගින් හැකියාව ලැබෙනු ඇතැයි පර්යේෂකයින්ගේ අදහසයි.

හෘදයේ වේදනාවක් හට ගත් විට රෝහල් කරා ඇදී යන වැඩි පිරිසකට එමගින් පහසුවෙන් තම රෝගී තත්වය නිශ්චය කර ගැනීමට හැකි වෙන අතර මෙය අවදානමක් පවතින ඉතා සියුම් පරීක්ෂණයක්  බව පර්යේෂකයින්ගේ අදහසයි.