එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපතිවරිය වශයෙන් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෙදර් නොර්ට් මහත්මිය පත් කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කර තිබේ.


එක්සත් ජාතීන්ගේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කළ නිකී හේලී මහත්මිය ඉකුත් ඔක්තෝබර් මාසයේ දී ඉල්ලා අස්වීමත් සමඟ හිස් වූ එම තනතුර පිරවීමට ඇමෙරිකානු ජනපතිවරයා තීරණය කර ඇත.


ට්‍රම්ප් මහතාගේ පරිපාලනයේ ආරම්භයේ සිටම හෙදර් මහත්මිය දැනට සිටින ධූරයේ රැඳී සිටීයි. මෙම වසර අවසානය වන විට ඇය එම ධූරය දැරීමට නියමිතය.


2017 වසරේ දී හෙදර් නොර්ට් මහත්මිය ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා තනතුරට පත්විය.මේ වසරේදී ඇයව රාජ්‍ය තාන්ත්‍රික හා මහජන කටයුතු පිළිබඳව වැඩබලන ලේකම් ධූරයට ද නම් කෙරිණි.


කෙසේ වෙතත් ෆොක්ස් නිවුස් වාර්තා කළේ හෙදර් මහත්මියට දේශපාලන හා ප්‍රතිපත්ති සම්පාදන පිළිබඳව ඇයට දැනුමක් නොමැති බවයි.          

                     
(ද ගාඩියන් ඇසුරෙනි)


(28535)