එක්සත් ජාතීන්ගේ ඇමෙරිකාවේ තානාපති ධූරය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාව හෙදර් නෝර්ට් මහත්මිය විසින් ඉල්ලා අස්කරනු ලැබීය.
ඇය ෆොක්ස් පුවත් සේවයේ හිටපු නිවේදිකාවක ලෙස සේවය කළාය. මේ සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ මාගේ පවුලේ අයගේ යහපත වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් පසුගිය දෙසැම්බරයේ දී එම ධූරය සඳහා ඇයගේ නම යෝජනා කර තිබිණි.
‘ඇය ඉතා දක්ෂ, ඉතා බුද්ධිමත්, ඉතා කඩිසර, ඇය සියල්ලන්ගේ ගෞරවයට පත් වනු ඇතැයි මා සිතනවා ’ යනුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා එම අවස්ථාවේ දී පවසා සිටියේය.
බීබීසී ඇසුරෙනි
(28535)
COMMENTS