IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හිටපු බුද්ධි අංශ ප්‍රධානියා රටින් පිටවීම වැළැක්වීමට පාකිස්තාන හමුදාවෙන් විශේෂ පියවර

ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී)
 
පාකිස්තාන බුද්ධි අංශයේ හිටපු ප්‍රධානියා රටින් පිටවීම වැළැක්වීම සඳහා එරට හමුදාව අද, සඳුඳා (28) මීට පෙර නොගත් පියවර කිහිපයක් ගත්තේය. 
 
හිටපු බුද්ධි අංශ ප්‍රධානියා කෘතියක සම කතුවරයා වෙමින් පාකිස්තානය ඇෆ්ගනිස්තානයේ සහ කාෂ්මීරයේ කරන ක්‍රියාකාරකම් සම්බන්ධ තොරතුරු සඳහන් කර ඇතැයි වාර්තා වේ. 
 
ඒ බව අනාවරණය වීමත් සමඟ ඔහුට මෙලෙස රටින් පිටවීම තහනම් කිරීමට එරට බලධාරීහු කටයුතු කළහ.
 
විශ්‍රාමික ලුතිනන් ජනරාල්වරයකු වන අසාද් ධුරානි 1990 වසරේ සිට 1992 වසර දක්වා පාකිස්තානයේ බුද්ධි අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළේය. 
 
ඔහු රටින් පිටවීම වළක්වාලමින් ඔහුගේ නම ‘විගමන පාලන ලැයිස්තුවට’ ඇතුළත් කළ බව පාකිස්තාන හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක පැවැසීය. 
 
“ද ස්පයි ක්‍රොනිකල්ස් : රෝ, අයි.එස්.අයි ඇන්ඞ් ද ඉලුෂන් ඔෆ් පීස්” යනුවෙන් නම් කර තිබෙන මෙම ග්‍රන්ථය නිකුත් කරන ලද්දේ පසුගිය සතියේදීය. ඒත් සමඟම ධුරානි හා කෘතිය සම්බන්ධයෙන් බොහෝ අදහස් පළවිය. 
 
ඉන්දීය බුද්ධිය වන ‘රෝ’ සංවිධානයේ හිටපු ප්‍රධානියකු වන ඒ.එස්. ධුලාත් සමඟ එක් වෙමින් අසාද් ධුරානි මෙම කෘතිය රචනා කර තිබේ. 
 
ඇෆ්ගනිස්තානය සහ කාෂ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ මතභේද සහ ධුලාත් සහ ධුරානි අතර ඇති වූ සාකච්ඡා පදනම් කරගනිමින් එම කෘතිය රචනා වී තිබේ. 
 
ඇෆ්ගනිස්තානය සහ කාශ්මීරය යනු ඉන්දියාව සහ පාකිස්තානය මෙන්ම ලෝක බලවතුන් කිහිපදෙනකු තම බලය උදෙසා විවිධ පාර්ශවවලට සහාය දෙමින් ඔවුන් තම සතුරන්ට එරෙහිව මෙහෙය වන යුද පිටි යැයි විශ්ලේෂකයෝ පවසති. 
 
පාකිස්තානය ඇෆ්ගනිස්තානයේ සිටින තලේබාන් ඇතුළු සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දක්වන්නේ යැයි ඇමෙරිකා එක්සත් ජනපදය නිරන්තරයෙන් චෝදනා කරන අතර පාකිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. 
 
 
055 



අදහස් (0)

හිටපු බුද්ධි අංශ ප්‍රධානියා රටින් පිටවීම වැළැක්වීමට පාකිස්තාන හමුදාවෙන් විශේෂ පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site