පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් යළි සිය රට පැමිණෙන බව පෙරේදා (8) නිවේදනය කිරීමත් සමඟ පාකිස්තාන රජය ප‍්‍රකාශ කළේ මුෂාරෆ් යළිත් පැමිණියහොත් බෙනාසීර් බූතෝ ඝාතනයට වරදකරුවකු ලෙස ඔහු වහා අත්අඩංගුවට ගන්නා බවය.
හිටපු පාකිස්තාන අගමැතිනියක වූ බෙනාසීර් බූතෝ ඝාතනයට මුෂාරෆ් සම්බන්ධ බවත් පාකිස්තානයට පය තැබූ විගස මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට සියලූම නීති කටයුතු සම්පාදනය කර ඇති බවත් පාකිස්තාන රජයේ නීතීඥ අලී පවසයි.
මුෂාරෆ් ප‍්‍රකාශකර ඇත්තේ ඔහු එලැඹෙන 27-30 තෙක් කාලයේදී පාකිස්තානයට පැමිණීමට නියමිත බවය. පාකිස්තානයේ දී අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට මුෂාරෆ් ජාත්‍යන්තරයේ සහාය ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.
මුෂාරෆ් කිසිදු ලේ වැගිරීමක් නොකොට හමුදා කුමන්ත‍්‍රණයකින් පාකිස්තානයේ හමුදාපතිවරයා ලෙස බලයට පත්වූයේ 1999 වසරේදීය. 2007 වසරේදී බෙනාසීර් බූතෝ රාවුල්පිණ්ඩි නුවර මැතිවරණ රැුලියකට සහභාගීවී සිටියදී මරාගෙන මැරෙන බෝම්බකරුවකුට බිලිවෙද්දී ජනපති ධුරය හෙබවූයේ මුෂාරෆ්ය. ඉන්පසු පැවැති මැතිවරණයෙන් මුෂාරෆ්ට ජනපති ධුරය අහිමි විය. ඔහු පාකිස්තානයෙන් පිටුවහල් වී ඩුබායි සහ ලන්ඩන් නුවර පදිංචියට ගියේය.
ජීවිත අනතුරක් තිබියදී මුෂාරෆ්ගේ රජය බෙනාසීර් බූතෝට නිසි ආරක්ෂාවක් ලබා නොදුන් බවත් බූතෝ ඝාතනයට මුෂාරෆ් සෘජුව සම්බන්ධ බවත් චෝදනා එල්ල වී තිබේ. වත්මන් පාකිස්තාන රජය මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට සැරසෙන්නේ ද එම චෝදනා හේතුවෙනි.
එම චෝදනා ප‍්‍රතික්ෂේප කරන මුෂාරෆ් පවසන්නේ බූතෝ ඝාතනය සිදු කළේ පාකිස්තාන තලේබාන් සටන්කාමීන් බවය.
යළිත් පාකිස්තාන දේශපාලන කරළියට පිවිසීමට බලාපොරොත්තුවන මුෂාරෆ්, ‘සියලූම පාකිස්තාන වැසියන්ගේ මුස්ලිම් ලීගය’ යනුවෙන් නව දේශපාලන පක්ෂයක් ද පිහිටුවා ඇත. පාකිස්තානයේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2013 වසරේදීය. මුෂාරෆ් යළි පාකිස්තානයට පැමිණෙන්නේ ඊට සූදානම් වීමටය.
2025 නොවැම්බර් මස 21
142
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
224
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1082
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
හිටපු ජනපති මුෂාරෆ් සියරට එන්න සූදානම්