පාකිස්තාන හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් නිවාස අඩස්සියේ රඳවා තබාගන්නා කාලය දෙසතියකින් දීර්ඝ කිරීමට එරට ත‍්‍රස්ත විරෝධී අධිකරණයක් පෙරේදා(20) තීරණය කළේය.
බලයේ රැඳී සිටි සමයේදී ජ්‍යෙෂ්ඨ අධිකරණ විනිසුරුවරුන් තනතුරුවලින් පහකිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ජනපති මුෂාරෆ් ඉකුත් සිකුරාදා පොලිස් අත්අඩංගුවට පත්විය. ඉන්පසු එදින රාති‍්‍රයේ ඉස්ලාමාබාද් පොලිස් මූලස්ථානයේ රඳවනු ලැබ සිටි මුෂාරෆ් නැවත සිය ගොවිපොළ නිවෙස වෙත රැගෙන යාමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.
ගොවිපොළ නිවෙස වෙත ගෙන ගිය පසු ඔහු විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ රඳවා තබනු ලැබිණි. මුෂාරෆ් බන්ධනාගාරගත නොකර ඔහුගේ නිවෙස වෙත රැගෙන ආවේ ආරක්ෂක හේතූන් මත බව ඉස්ලාමාබාද් පොලිස් ප‍්‍රකාශකයෙක් කීය.
නිවාස අඩස්සියේ රඳවනු ලැබ සිටින හිටපු ජනපති මුෂාරෆ් පෙරේදා දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ ත‍්‍රස්ත විරෝධී අධිකරණයක් හමුවේ පෙනී සිටියේය. එම අවස්ථාවේදී අධිකරණය අසලට රැස්ව සිටි පිරිස් මුෂාරෆ්ට එරෙහිව විරෝධතාවක නිරත වූහ.
මේ අතර, මුෂාරෆ් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා එරට ශ්‍රේෂ්ඨාධිකරණය තිදෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් පත් කරඇත.
එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මුෂාරෆ්ට එරෙහිව නඩු විභාග පැවැත්වෙන අතර මේ වන තෙක් ඔහු අත්අඩංගුවට ගැනීමෙන් වැළැකී සිටියේ නීතීඥයන් මාර්ගයෙන් ඇප ලබා ගැනීමට හැකි වූ නිසාය.
2025 නොවැම්බර් මස 04
300
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2122
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හිටපු ජනපති මුෂාරෆ්ගේ රැඳවුම් කාලය දීර්ඝ කෙරේ
ලාල් Monday, 22 April 2013 01:15 PM
හැබැයි මුෂාරෆ් ඉන්න කාලේ ඔහොම බෝම්බ පිපිරුනේ නැහැ පාකිස්ථානේ. (නි)
උදය Monday, 22 April 2013 08:21 PM
මොනවා හිත ගෙන ලියනවද මන්ද? බෙනාසීර් මරුනේ කාර්එකෙන් වැටිලද? (අ)
මධු Monday, 22 April 2013 08:33 PM
ඊට පස්සේ?? (නි)