ඊජිප්තුවේ පසුගිය වසරේ විරෝධතා ආරම්භ වූ අවස්ථාවේදී විරෝධතාකරුවන් මරා දැමීමට අණ දුන්නැයි අධිකරණය හමුවේ වරදකරු වූ හිටපු ජනපති හොස්නි මුබාරක්ට මරණ දඬුවම පමුණුවන්නැයි එරට හමුදා පාලක මණ්ඩලයෙන් ඉල්ලමින් ඊයේ (4) ද කයිරෝවේ තරීර් චතුරස‍්‍රයේ දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි.
ඊජිප්තුවේ කයිරෝ නුවර යළිත් වරක් විරෝධතාවලින් ඇලැළී ගියේ එරට අධිකරණයක් මගින් හිටපු ජනපති හොස්නි මුබාරක්ට ජීවිතාන්ත සිර දඬුවමක් නියම කිරීමෙන් පසුවය. එහෙත් ඊජිප්තු ජනතාව පවසන්නේ ජීවිතාන්ත සිර දඬුවමක් නොව මුබාරක්ට මරණ දඬුවම ලබා දිය යුතු බවය.
පසුගිය වසරේ මාර්තු මාසයේ ඊජිප්තුවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූ අවස්ථාවේ, ආරක්ෂක අංශ යොදවා විරෝධතාකරුවන් මර්දනය කිරීමට අණ දීමත්, ඔවුන් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීමත් යන චෝදනාවලට මුබාරක් වරදකරු වී සිටී.
පිළිකාවකින් පීඩා විඳින 84 හැවිරිදි මුබාරක් කලින් අවස්ථාවලදී මෙන් මෙවරත් පසුගිය 2 වැනිදා ද අධිකරණයට යොමු කෙරුණේ ගිලන් ඇඳ පිටින්ය.
අරාබි වසන්තය ආරම්භ වීමෙන් පසු, ජනතා විරෝධය මැද පසුගිය වසරේ මාර්තු මාසයේදී බලයෙන් ඉවත් වීමෙන් පසු මුබාරක් ඔහුගේ පුතුන් දෙදෙනා මෙන්ම රජයේ උසස් නිලධාරීන් කීප දෙනකු අත්අඩංගුවට ගෙන කයිරෝ අගනුවර බන්ධනාගාරයක රඳවනු ලැබුණි. ඒ පසුගිය වසරේ අපේ‍්‍රල් මාසයේදීය.
මුබාරක්ගේ පුතුන් දෙදෙනාට එරෙහි නඩු තීන්දුව ඉදිරි දින කීපයේදී ප‍්‍රකාශයට පත් කෙරෙනු ඇත. ඔවුන් දෙදෙනාට දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
හිටපු ජනපති මුබාරක්ට මරණ දඬුවම ඉල්ලා කයිරෝවේ විරෝධතා
දයා Tuesday, 05 June 2012 05:15 PM
කළ කළ දේ පළ පළ දේ...
නිකමා Tuesday, 05 June 2012 03:40 PM
අපේ අයත් මේව බලාගෙනනේ ඇත්තේ...
සකල බුජන් Wednesday, 06 June 2012 07:41 AM
දුටුගැමුණු හිටියත් නූල් කාරයොයි, පඹයොයි ඉන්නව නම් මොනවා කළත් වැඩක් වෙන්නේ නෑ