IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හිටපු ජනපති ජෝර්ජ් බුෂ්ට දැන් සුවයි

ඇමෙරිකාවේ හිටපු ජනපතිවරයකු වූ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් බ්‍රොන්කයිටීස් රෝගය වැළඳීම හේතුවෙන් ඉකුත් 30 වැනිදා හුස්ටන් නුවර රෝහලකට ඇතුළු කළ අතර දැන් ඔහු සුවවෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. හිටපු ජනාධිපතිවරයාගේ රෝගී තත්ත්වය යහපත් මට්ටමකට තිබෙන බව කී වෛද්‍ය ජිම් මැක්ග‍්‍රාත් මේ සතිය අවසානයේදී ඔහුට රෝහලෙන් පිටත්ව යෑමට හැකි වනු ඇතැයි ද පැවැසීය. බුෂ් රෝහල් ගත කළ බව දැනගත් සැණින් ඔහුගේ පුත් හිටපු ජනපති ජෝර්ජ් ඩබ්. බුෂ් සිය බිරිඳ ලෝරා සමඟ රෝහලට පැමිණි බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අසූඅට වන වියේ පසුවන බුෂ් 1989 සිට 1993 දක්වා ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපති පදවිය හෙබවීය. ඉරාක ජනපති සදාම් හුසේන් කුවේටය ආක‍්‍රමණය කළ අවස්ථාවේදී ඇමෙරිකා හමුදා ඉරාකයට යවන ලද්දේ හිටපු ජනපති බුෂ් විසිනි. ඇමෙරිකා උප ජනපති ලෙස ද කටයුතු කර ඇති ජනපති බුෂ් කොංග‍්‍රස් මණ්ඩල සාමාජිකයකු ලෙසත් සී.අයි.ඒ බුද්ධි අංශයේ අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කර ඇත. ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්



අදහස් (0)

හිටපු ජනපති ජෝර්ජ් බුෂ්ට දැන් සුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site