IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


හිටපු ජනපතිනියට වත්මන් ජනපති සමාව දෙයි

දූෂණ වංචා සම්බන්ධයෙන් වසර 22ක සිර දඬුවමක් විඳින, දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුවෙන් හේ ට වත්මන් දකුණූ කොරියානු ජනාධිපති මූ ජේ ඉන් සමාව ලබාදී නිදහස් කර තිබේ.

69 හැවිරිදි පාක් ගුවෙන් හේ දකුණු කොරියාවේ බලයෙන් පහ කෙරුණු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ප්‍රථම නායිකාව ද වන්නීය.

ජනාධිපති බලතල අයථා ලෙස භාවිතයට ගැනීම සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකාරිය වූ පාක් ගුවෙන් හේ දෝෂාභියෝගයකින් ධුරයෙන් ඉවත් කිරීම සිදුවුණු අතර, ඉන්පසු ඇයට වසර 22 ක සිරදඩුවම් නියම විය. ඒ, 2018 දීය.

බන්ධනාගාරගතව සිටිද්දී උරහිසේ සහ පිට කොන්දේ ආබාධ හේතුවෙන්, මෙම වසරේ අවස්ථා තුනකදී රෝහල්ගත කෙරුණි.

වත්මන් ජනාධිපති මූන් ජේ ඉන් ඇයට සමාව දීමට තීරණය කර ඇත්තේ ද ඇගේ අසනීප තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

පාක් ගුවෙන් හේ ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඇගේ සමීපතම මිතුරියක වන චෝයි සූන් සිල් ගේ පුණ්‍යායතනයකට ඩොලර් මිලියන ගණනක අරමුදල් ලබා දෙන්නැයි එරට ප්‍රබල සමාගම්වලට බලපෑම් කර ඇති බව ද නඩු විභාගයේදී තහවුරු විය.

(රොයිටර්)



අදහස් (0)

හිටපු ජනපතිනියට වත්මන් ජනපති සමාව දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 130 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 978 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2593 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site