ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් ලබාදුන් සිරදඬුවම වෛද්‍ය හේතූන් මත අත්හිටුවන ලෙස ඉල්ලමින් පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් මහතා විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනකුගෙන් යුත් මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.
රුපියල් මිලියන පහ බැගින් වූ ඇප මුදල් දෙකක් ද නවාස් ෂරීෆ් මහතාට නියම කෙරුණු අතර ඉදිරි සති දෙක ඇතුළත තමා කැමති වෛද්‍යවරයකු වෙතින් ප්‍රතිකාර ලබාගෙන නැවත අධිකරණයට බාරවිය යුතු බවට ද නවාස් ෂරීෆ් මහතාට නියෝග කර ඇත.
නවාස් ෂරීෆ් මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළේය.
(විදෙස් පුවත් ඇසුරිණි - 085)
COMMENTS