පාකිස්තානයේ කි‍්‍රයාත්මක ‘හක්කානී’ නමැති ඉස්ලාමීය සටන්කාමීන් ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරනවාද නැද්ද යන්න ඉදිරි දින කිහිපයේදී තිරණය කරන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පවසයි. ඇය මේ බව කියා සිටියේ කුක් දුපතේ පැවැති පැසිෆික් සාගර කලාපීය දුපත් රාජ්‍ය සමුළුවට එක් වෙමින්, නවසීලන්ත අගමැති ජෝන් කී සමඟ එක් වී පැවැත් වූ මාධ්‍ය හමුවේදීය. ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමී සංවිධානයට සහාය පළ කරන ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් ලෙස හක්කානී සටන්කාමීහු සැළකෙති. තලේබාන්වරුන්ට සහාය පළ කළ ද මොවුහු තලේබාන් සටන්කාමීන්ගේ දර්ශනය අනුගමනය නොකරති. කෙසේ නමුත් අල් කයිඩා සහ තලේබාන් ඉස්ලාමීය සටන්කාමීන් සේම, ‘හක්කානී’ සටන්කාමීන් ද ඇමෙරිකාවට පමණක් නොව ඇෆ්ගන් රජයට ද අනතුරක් වී ඇතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරිය අවධාරණය කරයි. ඇමෙරිකානු බුද්ධි අංශ පවසන්නේ හක්කානී සටන්කාමීන් කි‍්‍රයා කරන්නේ පාකිස්තාන රජයේ ද අනුදැනුම ඇති බවය.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.