IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සූ කී හමුදා අධිකරණය හමුවේ සාක්ෂි දෙයි

බලයෙන් නෙරපා, දමා නිවාස අඩස්සියට පත් කෙරුණු, මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී පළමු වරට එරට හමුදා අධිකරණය හමුවේ පෙනී සිටිමින් සාක්ෂි දුන්නාය.

මියන්මාර හමුදාව අවුන් සාන් සූ කීගේ රජය පෙරළා දමමින් රටේ පාලනය අත්පත්කරගෙන හමුදා රජයක් පිහිටවූයේ පසුගිය පෙබරවාරි පළමු වැනිදාය.

එදා පටන් හමුදා පාලනයට විරෝධය දක්වමින් මියන්මාරයේ විරෝධතා පැවැත්වෙන අතර, විරෝධතාකරුවන්ට හමුදාව පහර දෙයි. එම ප්‍රහාර හේතුවෙන් මියගොස් ඇති විරෝධතාකරුවන් ගණන 1,100 ක් යැයි පැවැසෙයි.

මියන්මාර හමුදාව රටේ බලය අල්ලා ගත්තේ පසුගිය වසරේ පැවැති මහ මැතිවරණය දූෂිත බව පෙන්වා දෙමිනි. එම මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයයි. හමුදාවට සහාය දක්වන විපක්ෂ දේශපාලන කණ්ඩායම් පරාජයට පත් විය.

නීතිවිරෝධී සන්නිවේදන උපකරණ (වෝකිටෝකි ආදිය) අනවසරයෙන් ළඟ තබා ගෙන සිටියැයි සූ කීට චෝදනා එල්ල වී ඇත. සූ කී සම්බන්ධයෙන් නඩු විභාගය ආරම්භ වූයේ පසුගිය ජූනි මාසයේදීය. ඒ, ඇය නිවාස අඩස්සියට පත් කර මාස 4 කට පසුවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

සූ කී හමුදා අධිකරණය හමුවේ සාක්ෂි දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site