මියන්මාර විපක්ෂ නායිකාව මෙන්ම එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව ද වන අවුන් සාන් සූ කී ඊයේ (13) යුරෝපය බලා පිටත්ව ගියාය.
සූ කී යැංගොන් ගුවන් තොටුපොළින් පිටත්ව යනු දැක ගැනීමට ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගයේ ආධාරකරුවෝ දහසකට වැඩි පිරිසක් මියන්මාරයේ යැංගොන් ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.
එම සංචාරය, ඇයට පෞද්ගලික වශයෙන් ද අතිශය වැදගත් වේ. ඇය බි‍්‍රතාන්‍යයට යන්නේ වසර ගණනාවකින් නුදුටු ඇගේ පුතුන් හා මෙතෙක් කිසිදාක දැක නැති ඇගේ මුණුබුරු මිනිබිරිටන් ද බලන්නටය.
යුරෝපා සංචාරය ආරම්භ කරමින් සූ කී පළමුවෙන්ම යන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරටය. අද (14) ඇය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමුළුවට සහභාගී වීමටත් එහිදී දේශනයක් පැවැත්වීමටත් නියමිතය.
හෙට (15) දිනයේදී ඇය නෝර්වේ රාජ්‍යය බලා යෑමට නියමිතව සිටින්නීය. හෙට ඇය නෝර්වේ අගමැතිවරයා හමුවීමට ද නියමිතය.
මෙම නෝර්වේ සංචාරය ද සූ කීට ඉතා වැදගත් වේ. ඇය එම නෝර්වේ ගමන යෑමට නියමිතව තිබුණේ 1991 වසරේදීය. මියන්මාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමෙහිලා සාමකාමී අරගලයක යෙදීම නිමිත්තෙන් සූ කී 1991 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. නිවාස අඩස්සියේ සිටි නිසා එම සම්මාන ප‍්‍රදාන උළෙලට සහභාගි වීමට මියන්මාර් පාලනයෙන් ඇයට අවසර ලැබුණේ නැත.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
ඇය උසස් කාන්තාවක්.මගේ හදපිරි සුභ පැතුම්!
මියන්මාරයේ අවසානය... සුකී කියන්නේ බුරුමයේ රනිල්
මගෙන් සුභපැතුම්.. නිවාස අඩස්සියෙ තියල එයාගෙ ඉදිරිගමන නවත්තන්න බැරි උනා...
හොඳ ආරම්භයක්..
ෂා............නියම ටුවර් එක..ගොඩක් කාලෙකින්.