IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සුසාන අවන්හලට හරි සෙනඟ

අත්හැර දැමුණු සොහොන් බිමක තනා ඇති අවන්හලක් ගැන වාර්තා වන්නේ ඉන්දියාවේ අහමදාබාද් නගරයෙනි.

‘නව ලකී අවන්හල‘ නම් වන මෙහි හිමිකරු වන ක්‍රිෂ්ණන් කුට්ටි අවහන්හල ඉදිකිරීමේදී හමුවූ සොහොන් ඉවත් කිරීමට උත්සාහ කර නොමැති අතර ඒ වෙනුවට ඒවා අලංකරණය පිණිස අවන්හලට එක් කරගෙන ඇත.

අවන්හලේ තැන් තැන්හි පොළොවෙන් ඉහළට නැගුණු සොහොන් දැකිය හැකි අතර ඒවා යකඩ වැට වලින් ආවරණය කර තිබේ.පාරිභෝගිකයින්ට අසුන් පනවා ඇත්තේද ඒවා ආසන්නයේමය.

කි්‍රෂ්ණන් පවසන ආකාරයට නම් මළවුන් සමග සිට ආහාර ගැනීම ඔහු කරා පැමිණෙන පාරිභෝගිකයින්ට නම් ගණනක් නැත.තම අවන්හල ගැන අසා දැන ගෙන එය සොයා පැමිණෙන්නන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවනවා මිස අඩුවීමක් නම් දැකගත නොහැකි යැයි ඔහු කියයි.

දිනපතාම අවන්හල විවෘත කිරීමට ප්‍රථමයෙන් එහි සේවකයින් සොහොන් සෝදා පිරිසිදු කර පෙර දිනයේ ඒවා මත තැබි මල් ඉවත් කර අලූත් මලින් ඒවා වසා දැමිීම සිදුකරයි.ජීවත්වන්නවුන්ට මෙන්ම මළවුන්ටද යහපතද සැළසීම තම අපේක්ෂාව බැවින් මෙසේ ඔවුනටද ගරු බුහුමන් දැක්වීමට තමන් කටයුතු කරන බව ක්‍රිෂ්ණන් පවසයි.



අදහස් (0)

සුසාන අවන්හලට හරි සෙනඟ

සුසන්ත Saturday, 29 March 2014 07:38 PM

මිහිපිට මිනිසුන් නොමළ තැනක් නැහැ.ඒකනිසා මෙය පුදුමයක් නෙමෙයි. (දී)

:       0       0

චමත් Saturday, 29 March 2014 10:08 AM

මේක මිත්‍යා විශ්වාස, කපුවෝ,කට්ටඩි පසුපස යන ලංකාවේ මිනිසුන්ට හොඳ ආදර්ශයක්. (නි)

:       0       0

රණතුංග Tuesday, 25 March 2014 06:05 PM

ඉන්දියාවේ කට්ටියට අමු සොහොන් ගැන වගක් නැහැ.කන්න තියෙනවා නම් ඕනෑම තැනක ඉදගෙන කයි. (නි)

:       0       0

දෑල Saturday, 29 March 2014 09:49 PM

මොනවා උනත් තමුන්ට වගේම මලවුන්ටටත් එයින් යහපතක් වෙනවනම් හොදේ (අ)

:       0       0

නලින් Sunday, 30 March 2014 12:32 PM

එතකොට පිලී ,බැදුම් ආහාර වලට අමනුෂ්‍ය බෑල්ම නැද්ද? මොකක් හරි ආරක්ෂාවක් දාලා වගේ. (නි)

:       0       0

පද්මසිරි Wednesday, 26 March 2014 08:03 AM

ඔය රටේ අයට ඒ වගේ දේවල් සුලු දේවල්. සොහොනක් නොවෙයි වැසිකිලියක් වුණත් කමක් නැහැ. ඒ වගේම තමයි ලෝක වාර්තාවක් තියන්න ඕනෑම දෙයක් කරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site