සසෙක්ස්හි ආදිපාදවරිය වන මේඝන් කුමරිය පිළිසිඳගෙන ඇති බවත් එලඹෙන වසන්ත සමය වනවිට දරුවකු ප්‍රසූත කරනු ඇති බවත් කෙන්සින්ටන් මාලිගය නිවේදනය කර ඇත.
හැරී මේඝන් යුවල ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ දින 16ක සංචාරයක යෙදෙන අතරතුර මෙම නිවේදනය සිදුකර ඇත.මීට මාස හයකට පෙර විවාහ වූ හැරී මේඝන් යුවලගේ ප්‍රථම රාජකීය නිල චාරිකාව මෙය වේ.
පිළිසිඳගැනීම සම්බන්ධව යුවල ඉතාමත් සතුටට පත්ව සිටින බව සඳහන් වේ. ඔවුන්ට ලැබෙන දරුවා රජ පෙළපතේ කිරුළට හිමිකම් කියන හත්වැන්නා වේ.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd