IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ස්විට්සර්ලන්තයේ පාසල් වහයි

නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සියලු පාසල් වසා දමන බව ස්විට්සර්ලන්ත රජය අද (13) නිවේදනය කළේය.

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑම් එල්ල වූ ව්‍යාපාරවලට සහාය වීමක් වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක ආධාර පැකේජයක් සපයන බව ද රජය සඳහන් කළේය.

ස්විට්සර්ලන්තයේ ජිනීවා අගනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් එරට කොරෝනා වයිරසය මැඬීමට ආණ්ඩුව ගත් පියවර දැනුම් දෙමින් ජනාධිපතිනි සිමොනේටා සොමරූගා ඉහත කරුණු ප්‍රකාශ කළාය.

‘‘තත්ත්වය දුෂ්කරයි. එහෙත් අපි අභියෝග ජයගත යුතුයි. වෛද්‍ය අංශයෙන් මෙන්ම මූල්‍ය අංශයෙන් ද අභියෝග තිබෙනවා’’ යැයි ස්විස් ජනපතිනිය සඳහන් කළාය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ස්විට්සර්ලන්තය මේ වනවිට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත. ස්විට්සර්ලන්තයෙන් කොරෝනා ආසාදිතයන් 1,125ක් පිළිබඳව තොරතුරු වාර්තා වූ අතර වයිරසය හේතුවෙන් හත්දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ.

ඒ.එෆ්.පී.

055

 



අදහස් (0)

ස්විට්සර්ලන්තයේ පාසල් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site