පසුගිය වසර හයක කාලය තුළ ලොවපුරා පුද්ගලයින් 259දෙනකු සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී මියගොස් ඇතැයි අධ්‍යයනයකින් හෙළිවී ඇත.
සෙල්ෆි මරණ වැඩිපුරම වාර්තා වී ඇත්තේ ඉන්දියාව, ඇමරිකාව සහ පකිස්ථානයෙනි. වැඩිපුරම මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් බවත් එය සියයට 72.5ක අගයක් ගන්නා බවත් පර්යේෂකයෝ සඳහන් කරති.
මෙසේ මියයන සංඛ්‍යාව වසරින් වසර වැඩිවන බව ද පර්යේෂකයෝ පෙන්වා දෙති. 2011දී තුනක් වූ මරණ සංඛ්‍යාව 2016 දී 98ක් හා 2017 දී 93ක් ලෙස වැඩි වී ඇත.
මෙම අධ්‍යනය සිදුකළ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ඇමරිකානු ජාතික පුස්තකාලයේ පර්යේෂකයන් පවසන්නේ මෙම මරණ සංඛ්‍යව අඩුකරගැනීම සඳහා පිළියමක් ලෙස අවදානම් සහිත ස්ථාන වල සෙල්ෆි ඡායාරූප තහනම් කළාප ඇති කලයුතු බවයි.
කෙසේ වුවද පර්යේෂකයන් පවසන්නේ සෙල්ෆි ඡායාරූප ගැනීමේදී මියගිය සත්‍ය සංඛ්‍යාව මීට වඩා වැඩි විය යුතු බවයි. ඒ මරණයට හේතුව ලෙස සෙල්ෆි ඡායාරූප ගැනීමේදී මියගිය බව සඳහන් නොකරන බැවිනි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'සෙල්ෆි' ගැනීමෙන් වසර 6 ක් තුළ 259 ක් මරුට