තම මෝටර් රථයේ වහලයට ඉහළින් සේලයින් බෝතලයක් රඳවාගෙන එහි බටය සම සිරුරට සවිකරගෙන මෝටර් රථය පදවමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිට සමත්වූහ.
ව්‍යාපාරිකයකු ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ තමන් මේ දිනවල අධික ලෙස ආතතියට පත්ව සිටින හෙයින් වෛද්‍ය උපදෙස් අනුව මෙසේ සේලයින් එන්නත් කර ගත් බවයි.
එය නිවසේ සිට එසේ නොකළේ මන්දැයි විමසා සිටි කල්හි තමන්ගේ වැඩකටයුතු නිසා එවැන්නක් කිරීමට වේලාවක් නැතැයි ඔහු කියා තිබේ.
තමන්ගේ මෙන්ම අනෙක් අයගේ ජීවිතද අනතුරේ හෙළමින් රිය පැදවූයේ යැයි ඔහුට චෝදනා ගොනු කිරීමට පොලිසිය කටයුතු කර ඇත.ඔහුගේ රියැදුරු බලපත්‍රයද අවලංගු කිරීමට නියමිතය.
COMMENTS
මේ මිනිස්සු තමන්ගේ ලෙඩ දුක් ගැනවත් නොසිතා හම්බ කරන්න මහන්සිවෙන තරම කොච්චර උනත් අගය කළ යුතුයි.(දිල්)
චීනේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.(නදී)