කෙන්යාවේ ගරිස්සා විශ්වවිද්‍යාලයට අල් ෂබාබ් සටන්කාමීන් විසින් එල්ලකරන ලද ප්‍රහාරය හේතුවෙන් අවම වශයෙන් 147 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සන්නද්ධව විශ්වවිද්‍යාලයට කඩා වැදුණු සටන්කාමීන් එහි ආරක්ෂකයන් මරා දමා විශ්වවිද්‍යාලයේ සිසුන් වෙත ගොස් ක්‍රිස්තියානි සිසුන් තෝරාගනිමින් වෙඩි තබා ඇතැයි ද සටන්කාමීන් කිහිප දෙනකු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල පුපුරවාගෙන මියගොස් ඇතැයි ද එරට ආරක්ෂක අංශ වාර්තා කරයි. සිසුන් 500ට වඩා තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ 79 දෙනකු බේරී බලාගොස් ඇත. මාධ්‍ය වාර්තා කරන්නේ එක් තුවක්කුකරුවකු අත්අඩංගුවට ගත් බවයි.
COMMENTS
සරසවි යාම පාපයක්-මතකද අපිටත් තිබුනා උන යුගයක්. (ස)
අන්තරේ පාරට බහින්නේ නැද්ද? ජාත්‍යන්තර අන්තරයක් අපිට තියෙනවා කියල අපි පහුගිය දවස් වල දැක්කා බුරුමයේ මර්දනයට එරෙහිව දාපු සද්දෙන්. ඒ විධියට මේ අන්තවාදයටත් පොඩි විරෝධයක් දාන්නකෝ පාරට බැහැලා. (නදී)
කෙන්යාවේ එහේම උනත්... ලංකාවේ එහෙම වෙන්නේ නෑ අපේ..(බ)