IMG-LOGO

2024 ජුනි මස 14 වන සිකුරාදා


සිරියා හමුදා ප‍්‍රහාරයෙන් කැරැලිකරුවෝ 49 ක් මිය ගිහින්

සිරියාවේ ඩැමැස්කස් අගනුවරට නුදුරින් පිහිටි අඞ්රා පළාතේ ඊයේ (22) හටගත් දරුණු ගැටුම්වලින් කැරැුලිකරුවන් 49 දෙනකු මියගිය බව සිරියානු රජයේ හමුදාව කියා සිටී.
මෙම කැරැලිකරුවන්ට විදේශවලින් පැමිණි ඉස්ලාමීය සටන්කාමීන්ගේ ද සහාය හිමිවී තිබුණු නමුත් ඔවුන් වටකොට පහර දී මරා දැමීමට තමන්ට හැකිවූ බව සිරියානු රජයේ හමුදාව කියයි.
මෙම කැරැලිකරුවන් ඩැමැස්කස් නුවරට පැමිණ හමුදා කඳවුරකට පහර දී එහි තිබුණු අවි ආයුධ රැගෙන පලා යමින් සිටිද්දී, සිරියානු රජයේ හමුදාවට කොටු වී ඇත.
වසර දෙකකට ආසන්න කාලයක් දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය මේවනවිට නව මුහුණුවරක් ගෙන තිබේ. ඒ, සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන්ගේ සටනක් ලෙසය.
සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ ෂියා මුස්ලිම් රජය සමඟ සටන් වදින්නේ සුන්නි මුස්ලිම් කැරැලිකරුවන්ය.
පාකිස්තානයේ ෂියා මුස්ලිම්වරුන්ට එරෙහිව ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන එරට සුන්නි මුස්ලිම් සටන්කාමීන් ද සිරියානු කැරැුලිකරුවන්ට සහාය දීමට කැමැත්ත පළ කර සිටී.
ඒ අනුව තම සටන්කාමීන් කණ්ඩායම් කිහිපයක් සිරියාවට ගිය බව පාකිස්තානයේ ‘ලෂ්කාර් ඊ ජාන්ග්වී’ ඉස්ලාමීය සටන්කාමී සංවිධානය වෙනුවෙන් එහි නායක සුලෙයිමාන් ඉකුත් 15 වැනිදා පවසා තිබුණි.
අඞ්රා පළාතේ ඊයේ සිදුවුණු අවි ගැටුම්වලින් පාකිස්තාන ඉස්ලාමීය සටන්කාමීන් මියගිය බව මෙතෙක් වාර්තා වී නැත.
සිරියානු අර්බුදය හේතුවෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී. බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දක්වන ලෝක බලවතුන් දෙදෙනා චීනය සහ රුසියාවය.
ලිබියාවට කලාක් මෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට එරෙහිව ද යෝජනාවලීන් සම්මත කර ගැනීමට සැරසෙද්දී, නිෂේධ බලය පාවිච්චි කර ඒවා පරාජය කළේ රුසියාව සහ චීනයයි.
ෂියා මුස්ලිම් බහුතරය වෙසෙන ඉරානයත්, සිරියාවේ අසල්වැසියකු වන ලෙබනනයේ කි‍්‍රයාත්මක හිස්බුල්ලා සටන්කාමී සංවිධානයත් සිරියානු රජයට සහාය පළ කරයි.
හිස්බුල්ලා සටන්කාමීන් සිරියානු අර්බුදයට මැදිහත් වීම සිරියානු කැරැලිකාර පාර්ශ්වයට සහාය පළ කරන ඇමෙරිකාව, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල සහ ඊශ‍්‍රායලයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
හිස්බුල්ලා සංවිධානයෙන් සහාය ලැබීමත් සමඟ ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ ඒජන්තවරුන් සිරියානු කැරැලිකරුවන්ට අවි පුහුණුව දෙමින් ඔවුන් ශක්තිමත් කිරීම ආරම්භ කර තිබේ.
සිරියානු කැරැලිකරුවන්ට අවි පුහුණුව ලබා දීම සිදුවන්නේ ජෝර්දානයේ හමුදා කඳවුරකය. ජෝර්දානය ද සිරියාවේ අසල්වැසියෙකි. ජෝර්දාන රජය සිරියානු රජයට සහාය නොදක්වන අතර ඔවුන් සහාය දක්වන්නේ සිරියානු කැරැලිකාර පාර්ශ්වයටය. සිරියානු රජයේ හමුදාවේ ප‍්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර් යානා සහ යුද ටැංකිවලට පහර දීමට කැරැලිකරුවන්ට පුහුණුව ලබා දීම සිදුකෙරේ.
සිරියා කැරැලිකරුවන්ට නායකත්වය දෙන්නේ ‘අල් නූස්රා පෙරමුණ’ නමැති ඉස්ලාමීය සංවිධානයයි. ‘අල් නූස්රා පෙරමුණ’ නමැති සටන්කාමී සංවිධානය යනු අල් කයිඩාවට හිතවත් සුන්නි මුස්ලිම්  සංවිධානයකි.
ඇමෙරිකාව මෙම සංවිධානය ද ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත. එසේ තිබියදී ද ඇමෙරිකා බුද්ධි අංශ කැරැුලිකරුවන්ට අවි ආයුධ පුහුණුව ලබා දීම හරහා ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත යළිත් වරක් ලොවට පසක් කර දෙයි.



අදහස් (0)

සිරියා හමුදා ප‍්‍රහාරයෙන් කැරැලිකරුවෝ 49 ක් මිය ගිහින්

මහි Wednesday, 24 July 2013 03:02 AM

ඇමෙරිකාවට අවශ්‍ය මේ දෙගොල්ලම විනාශ කිරීමට යැයි මට සිතේ (නි)

:       0       0

හිරා Wednesday, 24 July 2013 08:13 AM

මොකද්ද මේ මුස්ලිම් ජාති දෙකේ වෙනස? මුස්ලිම් කෙනෙක්ට විස්තර කරලා දෙන්න පුලුවන්ද? (නි)

:       0       0

වීර Wednesday, 24 July 2013 08:35 AM

හිරා,මම මුස්ලිම් නම් නෙමෙයි.එහෙත් මම හොදට කුරණයයි ඉස්ලාමයයි ගැන මුස්ලිම් අයටත් වඩා හොද අවබෝදයක් තියෙන කෙනෙක්.මම හොදට කුරානය පරිශීලනය කරලා තියෙනවා.සුන්නි කියන්නේ කුරානය වගේම මොහොමඩ්තුමාගේ ගුණ ඇතුලත් හදීත් කියන ග්‍රන්ථය පිළිපදින අය.ෂියා කියන්නේ කුරානය පිළිගත් හදීතය පිළිනොගන්නා අය. (නි)

:       0       0

ලාල් Tuesday, 23 July 2013 10:15 PM

මරා ගන්න එපා මිනිසුනේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 23 July 2013 10:43 AM

ඇමෙරිකාව දෙන ආයුද අන්තිමේදී ඇමෙරිකාව පැත්තටම හැරෙනවා..ඉතිහාසේ පුරා සිදු උනේ ඒකයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පිටසක්වළයන් ගැන අපූරු අදහසක්
2024 ජුනි මස 14 2260 5

පිටසක්වළ ජීවීන් සැබෑවක් බවත්, මනුෂ්‍ය පෙනුමට සමාන පෙනුමැති පිටසක්වළ ජීවීන් අප මනුෂ්‍යයන් අතරේ ජීවත්වන බවත් ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයේ විද්‍ය


වත්කම් යුක්රේනයට දුන්නැයි රුසියාවේ විරෝධය
2024 ජුනි මස 14 2185 2

රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියාවට විරෝධය පළ කරමින්, අත්හිටවූ රුසියානු වත්කම් යොදාගෙන ඒවා, යුක්රේනයට ආධාර ලෙස ලබා දීමට ‘ජී7’ රටවල නායකයන් ඒකමතිකව තීර


තායිලන්තයේ නිවුන් අලි බබාලා
2024 ජුනි මස 14 55 0

තායිලන්තයේ අලි අනාථාගාරයක ඇතින්නක නිවුන් අලි පැටවුන් බිහි කර තිබේ. 36 හැවිරිදි ‘චම්චූරි’ නමැති මෙම ඇතින්න නිවුන් පැටවුන් බිහිකිරීම අපූරු මෙන්ම සුවිශේ


ඉතාලි අගමැතිනිය ‘ආයුබෝවන්’ කියයි
2024 ජුනි මස 14 125 0

ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මොලෝනී, ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ සමුළුවට සහභාගී වන ලෝක නායකයන් පිළිගත් ආකාරය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය විශේෂ උනන්දුවක් ද


බයිඩන් අන්දමන්ද වෙලා
2024 ජුනි මස 14 3291 3

ඉතාලි අග්‍රාමාත්‍යවරිය වහා ඔහු යළි කැමරාව දෙසට හරවාගෙන ඡායාරූපයට එක් කරගත් අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී


අගමැති මෝදි ‘ජී7’ නායකයෝ හමුවෙයි
2024 ජුනි මස 14 891 0

පිටපිට තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වෙයි. ඒ අනුව, තෙවැනි වරට අග්‍රාම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1276 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2995 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2455 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site