IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිරියා විරාමය මැද්දේ ලේ ගලයි

සටන් විරාමය පසෙක තබා සිරියා හමුදාව කැරලිකරුවන් ඉලක්ක කර ෂෙල් ප්‍රහාර එල්ල කරන බව එරට සිටින මානව හිමිකම් ක්‍රියාකාරීහු පවසති. ප්‍රහාර එල්ල කෙරෙන්නේ සිරියාවේ අගනුවර වන ඩැමස්කස් නුවරට හා කැරලිකරුවන් ග්‍රහණයේ පවතින ඇලෙප්පෝ ප්‍රාන්තයේ ඇතැම් ස්ථාන වලට බව වාර්තා වේ. මුස්ලිම්වරුන්ගේ හජ් උත්සව සමය නිමිත්තෙන් සිරියා ජනපති බෂාර් අල් අසාද් ගේ හමුදා හා බෂාර් අල් අසාද්ට එරෙහිව අවි අතට ගෙන ඇති සිරියා කැරලිකරුවන් අතර පසුගිය සිකුරාදා (26) සිට කි්‍රයාත්මක වන පරිදි දින හතරක සටන් විරාමයක්  දෙපාර්ශවයේම එකගතාවයකින් අනතුරුව ප්‍රකාශයට පත් කැරිණි. එක්සත් ජාතීන්ගේ විශේෂ සාම දුූත ලක්ඩාර් බ්‍රහීම් ඊට මුල්වීය. නමුත් දෙපාර්ශවයේම ක්‍රියාකලාපය හේතුවෙන් සටන් විරාමය පුස්සක් බවට පත්ව්ය. සටන් විරාමය ප්‍රකාශයට පත් කළ දිනයේම සිදුවූ ගැටුම් වලින් 150 ක් පමණ දෙනා මියගිය බව සිරියා ආරංචි මාර්ග සදහන් කරයි.පසුගිය සිකුරාදා ඩමස්කස් නුවර අධිබල කාර් බොම්බයක්ද පුපුරා ගියේ හතර දෙනෙකුට මරු කැදවමිනි. (කෝ වි ගු)



අදහස් (0)

සිරියා විරාමය මැද්දේ ලේ ගලයි

නිශ්ශංක Monday, 29 October 2012 11:02 AM

හජ්ජි වලට කපපු සතුන් ගණනටම වැඩේ වුණා නම් තමයි හොද. (නි)

:       0       0

අලියර් Sunday, 28 October 2012 05:10 PM

වැරදිකරන්නන්ට සමාවක් නැත. (නි)

:       0       0

නිමල් Sunday, 28 October 2012 05:32 PM

නියමයි. ඔහොම යමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site