සිරියාවේ හමා නුවර කළ වැටැලීමකදී එරට කැරැලිකරුවන් ප‍්‍රහාර සඳහා යොදා ගත් ‘සෙරීන්’ විස වායු සිලින්ඩර තොගයක් සොයා ගැනීමට රජයේ හමුදාව ඊයේ (2) සමත් විය.
ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශයේ ආධාර ලබන එම කැරැලිකරුවන් චෝදනා කරන්නේ රසායනික අවි භාවිත කරන්නේ සිරියානු රජය බවටය.
සිරියානු රජය එම රසායනික අවි සිලින්ඩර මාධ්‍ය හමුවේ ප‍්‍රදර්ශනය කරමින් කියා සිටියේ, සැබැවින්ම රසායනික අවි භාවිතා කරන්නේ තමන් නොව කැරැුලිකාර පාර්ශ්වය කියාය.
මේ වනවිට සිරියානු රජයේ හමුදාවට කැරැලිකරුවන් මර්දනය කරමින්, ඔවුන් අත්පත් කරගෙන සිටි නගර ද එකින් එක අල්ලා ගැනීමට හැකි වී ඇත.  හාමා නුවරද පසුගිය දින කිහිපය තිස්සේ දරුණු ගැටුම් පැවැතිණි.