උතුරු සිරියාවේ තුර්කි දේශ සිමා අසල රෝහල් දෙකකට සහ පාසල් ගොඩනැගිල්ලකට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් 22  කු මිය ගොස් අට දෙනෙකු අතුරුදහන් වී ඇති බව සී එන් එන් රූපවාහිනිය වාර්තා කළේය.

සිරියාවේ අලප්පා පළාතේ අසාස් ප්‍රදේශයේ දී රෝහලකට සහ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් 15 දෙනෙක් මිය ගොස් 40 දෙනෙක් පමණ තුවාල ලැබූහ.

ඉඩ්ලිබ් පළාතේ මරාත් අල්-නුමාන් හි රෝහලකට විනාඩි කිහිපයකදී එල්ල වූ ප්‍රහාර හතරකින්  හත් දෙනෙක් මිය ගොස් අට දෙනෙක් සොයා ගත නොහැකි වූහ. මිය ගිය පිරිස අතර රෝගීහු පස් දෙනෙක් සිටිති.රෝහලේ කාර්යමණ්ඩලයේ අට දෙනෙකු අතුරුදන් අතර රෝගීන්ද අතුරුදන් නමුත් ඔවුන්ගේ සංඛ්‍යා සදහන් නැත.

 ප්‍රහාරය සමගම එම ජනාකිර්ණ ප්‍රදේශයේ නිවෙස් සහ ගොඩනැගිලි වලටද ප්‍රහාර එල්ල වූ බව සදහන්ය.

මෙතෙක් ප්‍රහාරයේ වගකීම කිසිදු සංවිධානයක් භාරගෙන නැත.

 තුර්කි අගමැති අහමඩ් දවුතෝග්ලු රුසියාව දෙසට ඇගිල්ල දිගු කරන බව  සදහන්ය. රුසියාව කැප්සියන් මුහුදේ සිට බැලිස්ටික් මිසයිල එල්ල කරන බවට ඔහු චෝදනා කර තිබේ.

කෙසේ වෙතත් වෛද්‍යවරු සිරියා  රජය දෙසටද ඇඟිල්ල දිගු කරති. මෙම ප්‍රහාරයෙන් එම   ප්‍රදේශයේ 40000ට පමණ වෛද්‍ය ප්‍රතිකාර සදහා අවස්ථා අහිමි වී ඇත.

_88279111_88278295 _88279931_9e193981-8970-4a01-8b19-3a619464c1a5