සිරියාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ රසායනික අවිහරණ පරීක්ෂකයන්ගේ මැදිහත් වී එරට රජය සතු රසායනික අවි තොග විනාශ කිරීමේ කටයුතු පෙරේදා (31) සිට ආරම්භ වූ බවත්, එම කටයුතු නොකඩවා සිදුවෙමින් පවතින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී.
සිරියාවේ රසායනික අවි විනාශ කිරීමේ කටයුත්ත පැවැරී ඇත්තේ, එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂණ සංවිධානයටය. එම සංවිධානයේ නියෝජිතයන් සිරියාවේ රසායනික අවි විනාශ කිරීමේ කටයුත්ත ආරම්භ කළේ මීට සති කිහිපයකට පෙර සිටය.
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමි වූයේ ද එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂණ සංවිධානයටය. ඒ, වසර දෙකකට වැඩි කාලයක් දිග්ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය, තෙවැනි ලෝක යුද්ධය තෙක් දුර දිග යෑම වැළැකුණේත් ලෝක සාමය සුරැුකුණේත්, එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂකයන් එම අර්බුදයට මැදිහත් වීම නිසාය.
ලෝකයේ රසායනික අවි සම්බන්ධයෙන් සොයා බලන්නේත් ඒවා තහනම් කිරීමට පියවර ගන්නේත් එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂණ සංවිධානයයි. මෙම සංවිධානය පිහිටුවූයේ 1997 වසරේදීය.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී. සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට රුසියාව සහාය දෙද්දී, ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය කැරැුලිකාර පාර්ශ්වයට සහාය දෙයි. එම අර්බුදය තවත් දුරදිග ගියේ නම්, තෙවැනි ලෝක යුද්ධය ඇරැුඹේවි යැයි බොහෝ දෙනා බිය පළ කළහ.
සිරියානු ජනපති අසාද්ගේ රජය, ඔවුන් සතු රසායනික අවි යොදා ගනිමින් පහර දී සිවිල් වැසියන් ඝාතනය කරනවා යැයි චෝදනා එල්ල වෙද්දී, සිරියාවට ගොස් ඒ ගැන සොයා බැලූවේ එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂණ සංවිධානයේ නියෝජිතයන් සහ අවි පරීක්ෂකයන්ය.
මේවනවිට රුසියාව, සිරියානු රජය සහ ඇමෙරිකාව එක් වී, එකඟතාවයකට පැමිණ සිටින අතර, සිරියානු රජය ඔවුන් සතු රසායනික අවි අන්තර් ජාතික පාලනයකට නතු කර ඇත. රසායනික අවි විනාශ කිරීමේ කටයුතු සිදුවන්නේ ඒ අනුවය.
මේ අතර සිරියානු ජනපති බෂීර් අල් අසාද් පවසා ඇත්තේ, තමන් සතු රසායනික අවි විනාශ කර දැමීමට ඇමෙරිකන් ඩොලර් බිලියනයක මුදලක් වැය වන බවය.
රුසියාව මැදිහත් වී සකස් කළ එම යෝජනාවට අනුව වසරක් ඇතුළත සිරියානු රජය සතු රසායනික අවි තොග එක් රැස් කර විනාශ කළ යුතු යැයි ඇමෙරිකාව පවසා ඇත. සිරියානු රජය පවසන්නේ, තම රසායනික අවි එක් රැස්කර විනාශ කිරීමට වසරකට වඩා වැඩි කාලයක් ගත වනු ඇති බවය.
|
|
එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂණ සංවිධානයේ සාමාජිකයෝ රසායනික අවි පරීක්ෂා කරමින්.... |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ඇමරිකාව සිරියාවට ගහනවා කියූ නිසා රුසියාව හරහා මේ රසායනික අවි විනාශ කිරීමට සිරියාව කැමති වුණා. නැත්නම් අදටත් රසායනික අවි නැත කියා සිරියාව ලොවටම කියාවි. (නි)
සුජීව, සිරියාව මේකට කැමති වුණේ රුසියාව කියපු නිසා මිසක් ඇමෙරිකාවට බයේ නෙමෙයි. අනිත් එක ලෝකයේ බලවත්ම නායකයා පුටින් මිසක් ඔබාමා නෙමෙයි. අනිත් එක ඇමෙරිකාව සිරියාවට ගැහුවොත් ඔයා හිතනවද සිරියාව නිකන් ඉඳිවි කියලා. (නි)
රුසියාව දෙබිඩි පිළිවෙත් ඇති රටක් නෙමෙයි. රුසියාව ලෝක බලවතා වී හමාරයි (නි)
අනිත්‍යය ගැන නොසිතා බලලෝභීව කරන සෙල්ලම කවදා මෙයාලට වැටහේවිද?? (නි)
ලෝකයේ කොන්ද පන ඇති කෙලින් කතා කරන එකම නායකයා පුටින් තමා. අපි හැම විටම රුසියාව පැත්තේ ජය වේවා රුසියා. ඒ උනාට සිරියාවට ගහන්න තිබ්බේ. (ස)
පුටින් බලවතෙක් විතරක් නොවෙයි ලොකුම ධනවතෙක්. හැබැයි ගම් වල ඉන්න සාමාන්‍ය මිනිස්සු එන්න එන්නම දුප්පත් වෙමින් යනවා. කොහොමද සමාජවාදය? (නි)
පුටින් සහ චීනය නොහිටින්න ලෝකයේ රටවල් බොහොමයක් ඇමෙරිකාවේ වහල්ලු. ඉරාකයේ රසායනික අවි නැතුව තිබෙද්දිත් එක්සත් ජාතීන්ගේ වාර්තා පිළි නොගෙන ඉරාකෙට කරපු හරිය දැක්කනේ. (දී)
ඕවා විහිලු (දී)
ඇමරිකාවට ඇති යුධ ශක්තිය ගැන මොනවද ඔයා දන්නේ? (නදී)
ටේෂාන් ඇමරිකාව සිරියාවට හැගැව්වොත් සිරියම ඇදුම නිකම්ම ගැලවිලා නිර්වස්ත්‍ර වෙනවා. ඒ නිසා ගහන්නේ නැහැ.(නදී)
ලුම්බිණි ඔයා කොයි කාලේද ඉන්නේ රුසියාව සමාජවාදී රටක් නෙමේ ඒක නැති උනේ 1990 දී (නදී)
මම මේ දන්නෙ නැති නිසයි අහන්නේ. අමෙරිකාවේ තියෙන රසායනික අවි වලට මොකද කරන්නෙ.?(නදී)
අද වන විට රුසියාව ලෝකයේ බලවතා වෙලා ඉවරයි. ලෝකයේ බලවත්ම පුද්ගලයා බවට පුටින් පත්වෙලා සිරියාව රසායනික අවි විනාශ කරේ පුටින්ට ඇති ගෞරවය නිසා (නදී)