IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සිරියාවේ රසායනික අවි වැනසීම ඇරැඹෙයි

සිරියාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ රසායනික අවිහරණ පරීක්ෂකයන්ගේ මැදිහත් වී එරට රජය සතු රසායනික අවි තොග විනාශ කිරීමේ කටයුතු පෙරේදා (31) සිට ආරම්භ වූ බවත්, එම කටයුතු නොකඩවා සිදුවෙමින් පවතින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටී.

සිරියාවේ රසායනික අවි විනාශ කිරීමේ කටයුත්ත පැවැරී ඇත්තේ, එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂණ සංවිධානයටය. එම සංවිධානයේ නියෝජිතයන් සිරියාවේ රසායනික අවි විනාශ කිරීමේ කටයුත්ත ආරම්භ කළේ මීට සති කිහිපයකට පෙර සිටය.

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමි වූයේ ද එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂණ සංවිධානයටය. ඒ, වසර දෙකකට වැඩි කාලයක් දිග්ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය, තෙවැනි ලෝක යුද්ධය තෙක් දුර දිග යෑම වැළැකුණේත් ලෝක සාමය සුරැුකුණේත්, එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂකයන් එම අර්බුදයට මැදිහත් වීම නිසාය.

ලෝකයේ රසායනික අවි සම්බන්ධයෙන් සොයා බලන්නේත් ඒවා තහනම් කිරීමට පියවර ගන්නේත් එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂණ සංවිධානයයි. මෙම සංවිධානය පිහිටුවූයේ 1997 වසරේදීය.

සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී. සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට රුසියාව සහාය දෙද්දී, ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය කැරැුලිකාර පාර්ශ්වයට සහාය දෙයි. එම අර්බුදය තවත් දුරදිග ගියේ නම්, තෙවැනි ලෝක යුද්ධය ඇරැුඹේවි යැයි බොහෝ දෙනා බිය පළ කළහ.

සිරියානු ජනපති අසාද්ගේ රජය, ඔවුන් සතු රසායනික අවි යොදා ගනිමින් පහර දී සිවිල් වැසියන් ඝාතනය කරනවා යැයි චෝදනා එල්ල වෙද්දී, සිරියාවට ගොස් ඒ ගැන සොයා බැලූවේ එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂණ සංවිධානයේ නියෝජිතයන් සහ අවි පරීක්ෂකයන්ය.

මේවනවිට රුසියාව, සිරියානු රජය සහ ඇමෙරිකාව එක් වී, එකඟතාවයකට පැමිණ සිටින අතර, සිරියානු රජය ඔවුන් සතු රසායනික අවි අන්තර් ජාතික පාලනයකට නතු කර ඇත. රසායනික අවි විනාශ කිරීමේ කටයුතු සිදුවන්නේ ඒ අනුවය.

මේ අතර සිරියානු ජනපති බෂීර් අල් අසාද් පවසා ඇත්තේ, තමන් සතු රසායනික අවි විනාශ කර දැමීමට ඇමෙරිකන් ඩොලර් බිලියනයක මුදලක් වැය වන බවය.

රුසියාව මැදිහත් වී සකස් කළ එම යෝජනාවට අනුව වසරක් ඇතුළත සිරියානු රජය සතු රසායනික අවි තොග එක් රැස් කර විනාශ කළ යුතු යැයි ඇමෙරිකාව පවසා ඇත. සිරියානු රජය පවසන්නේ, තම රසායනික අවි එක් රැස්කර විනාශ කිරීමට වසරකට වඩා වැඩි කාලයක් ගත වනු ඇති බවය.

 

 
එක්සත් ජාතීන්ගේ රසායනික අවි පිටුදැකීමේ අධීක්ෂණ සංවිධානයේ සාමාජිකයෝ රසායනික අවි පරීක්ෂා කරමින්....

 



අදහස් (0)

සිරියාවේ රසායනික අවි වැනසීම ඇරැඹෙයි

රුවන් Saturday, 02 November 2013 11:34 PM

ලෝකයේ කොන්ද පන ඇති කෙලින් කතා කරන එකම නායකයා පුටින් තමා. අපි හැම විටම රුසියාව පැත්තේ ජය වේවා රුසියා. ඒ උනාට සිරියාවට ගහන්න තිබ්බේ. (ස)

:       0       0

දර්ශා Saturday, 02 November 2013 12:04 PM

අනිත්‍යය ගැන නොසිතා බලලෝභීව කරන සෙල්ලම කවදා මෙයාලට වැටහේවිද?? (නි)

:       0       0

frdlaia Sunday, 03 November 2013 03:59 PM

ඇමරිකාවට ඇති යුධ ශක්තිය ගැන මොනවද ඔයා දන්නේ? (නදී)

:       0       0

දොන් සේතං Sunday, 03 November 2013 04:38 PM

‍ටේෂාන් ඇමරිකාව සිරියාවට හැගැව්වොත් සිරියම ඇදුම නිකම්ම ගැලවිලා නිර්වස්ත්‍ර වෙනවා. ඒ නිසා ගහන්නේ නැහැ.(නදී)

:       0       0

ලුම්බිණි Sunday, 03 November 2013 06:16 AM

පුටින් බලවතෙක් විතරක් නොවෙයි ලොකුම ධනවතෙක්. හැබැයි ගම් වල ඉන්න සාමාන්‍ය මිනිස්සු එන්න එන්නම දුප්පත් වෙමින් යනවා. කොහොමද සමාජවාදය? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 04 November 2013 02:35 AM

මම මේ දන්නෙ නැති නිසයි අහන්නේ. අමෙරිකාවේ තියෙන රසායනික අවි වලට මොකද කරන්නෙ.?(නදී)

:       0       0

සුජීව Saturday, 02 November 2013 02:55 AM

අද ඇමරිකාව සිරියාවට ගහනවා කියූ නිසා රුසියාව හරහා මේ රසායනික අවි විනාශ කිරීමට සිරියාව කැමති වුණා. නැත්නම් අදටත් රසායනික අවි නැත කියා සිරියාව ලොවටම කියාවි. (නි)

:       0       0

උපාලි Sunday, 03 November 2013 10:17 AM

පුටින් සහ චීනය නොහිටින්න ලෝකයේ රටවල් බොහොමයක් ඇමෙරිකාවේ වහල්ලු. ඉරාකයේ රසායනික අවි නැතුව තිබෙද්දිත් එක්සත් ජාතීන්ගේ වාර්තා පිළි නොගෙන ඉරාකෙට කරපු හරිය දැක්කනේ. (දී)

:       0       0

මේනක Sunday, 03 November 2013 10:45 AM

ඕවා විහිලු (දී)

:       0       0

චන්න Sunday, 03 November 2013 06:50 PM

ලුම්බිණි ඔයා කොයි කාලේද ඉන්නේ රුසියාව සමාජවාදී රටක් නෙමේ ඒක නැති උනේ 1990 දී (නදී)

:       0       0

නිලංග කුමරන්නැහැ Monday, 04 November 2013 06:04 PM

අද වන විට රුසියාව ලෝකයේ බලවතා වෙලා ඉවරයි. ලෝකයේ බලවත්ම පුද්ගලයා බවට පුටින් පත්වෙලා සිරියාව රසායනික අවි විනාශ කරේ පුටින්ට ඇති ගෞරවය නිසා (නදී)

:       0       0

ටෙෂාන් Saturday, 02 November 2013 09:45 AM

සුජීව, සිරියාව මේකට කැමති වුණේ රුසියාව කියපු නිසා මිසක් ඇමෙරිකාවට බයේ නෙමෙයි. අනිත් එක ලෝකයේ බලවත්ම නායකයා පුටින් මිසක් ඔබාමා නෙමෙයි. අනිත් එක ඇමෙරිකාව සිරියාවට ගැහුවොත් ඔයා හිතනවද සිරියාව නිකන් ඉඳිවි කියලා. (නි)

:       0       0

ශාන්ත ලාල් Saturday, 02 November 2013 10:41 AM

රුසියාව දෙබිඩි පිළිවෙත් ඇති රටක් නෙමෙයි. රුසියාව ‍ලෝක බලවතා වී හමාරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31171 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13324 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10960 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 61 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site