සිරියාවේ ඇලෙප්පෝ නගරයේ ප්‍රධාන රෝහලකට ගුවන් ප්‍රහාර එල්ල වීමෙන් මියගිය හත්දෙනකුගේ සිරුරු සොයාගත් බවත් තවත් බොහෝ පිරිස් සුන්බුන් වලට යටවී සිටින බවත් ඇලෙප්පෝ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. මෙම රෝහලට ප්‍රහාර එල්ල වූයේ තෙවැනි වතාවටය.
මියගිය අය අතර වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දෙදෙනකු සහ නඩත්තු අංශයේ සේවකයින් පස් දෙනකුද සිටින බව වාර්තාවේ. රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය හා දැඩිසත්කාර ඒකකය පොළොව යට දැඩි ආරක්ෂිතව පිහිටා තිබුණත් බංකර් විනාශ කිරීමට යොදා ගන්නා අධිබල මිසයිල යොදාගෙන ප්‍රහාරය සිදුකර ඇති නිසා විනාශ වූ බව රොහල් අධ්‍යක්ෂකවරයා පවසයි.
මෙම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු හමා ප්‍රදේශයේ පොළව යට පිහිටි රෝහලකටද ප්‍රහාර එල්ල වී ඇති බව ජාත්‍යන්තර ආධාර සංවිධානය පවසා ඇත.
සිරියාවේ හමුදා හා අයිඑස් ත්‍රස්තවාදීන් අතර සටන් කාලයක සිට පවතී.
මේ අතර සිරියාවේ ඊසාන දිග හසාකා නගරය ආසන්නයේ කුර්දිෂ් විවාහ මංගල උත්සවයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 22ක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය පවසයි. මනාලයාද ප්‍රහාරයෙන් මිය ගියේය.
සිරියාවේ සිදුවන ලේ වැගිරීම් සම්බන්ධයෙන් ඇමරිකාව හා රුසියාව අතර ද්විපාර්ශවික සාකච්ඡා නවතා දමන බවට ඇමරිකාව නිවේදනයක් නිකුත් කළ අතර ඊට පසුදාම මෙම ප්‍රහාරය සිදුවී ඇතැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd