සිරියා හමුදා එල්ල කරන කාලතුවක්කු හා ගුවන් ප‍්‍රහාර වලට ඊයේ (16) සිට බිලි වීමෙන් සාමාන්‍ය වැසියන් 90 ක් පමණ මරු දැක ඇතැයි සිරියා ආරංචි මාර්ග කියයි. ප‍්‍රහාර එල්ල කෙරෙන්නේ සිරියාවේ ඉබ්ලිබ් හා ඇලෙප්පෝ ප‍්‍රාන්ත වලටය.මේ ප‍්‍රාන්ත 2 සිරියා - තුර්කි දේශසීමාවේ පිහිටා ඇත. කාලතුවක්කු හා ගුවන් ප‍්‍රහාර වලට අමතරව ජනපති බෂාර් අල් අසාද්ගේ රජය හමුදා ජාත්‍යන්තර නීති වලින් තහනම් කර ඇති අවි ද යොදා ගනිමින් ප‍්‍රහාර එල්ල කරන බව ප‍්‍රාන්ත දෙකෙහි ක‍්‍රියාත්මක වන මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි. රජයේ හමුදා හා බෂාර් අල් අසාද් ඉල්ලා අස් විය යුතු යැයි කියන සිරියාකැරලිකරුවන් අතර ඇතිවන නිරන්තර ගැටුම් වලින් මේ වන විට සාමාන්‍ය වැසියන් 33000 කට අධික ප‍්‍රමාණයක් මරු දැක ඇත. සිරියාව අතහැර පලා යන ජනයාට බටහිර රටවල දොරටුව වැසුනේ කලකට පෙර අතර දැන් ඔවුනට සිරියාවේ අසල්වැසි රාජ්‍යයන් වල පිහිට පැතීමට සිදුව තිබේ. කෝ.වී
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපත් මිනිසුන් උන් රටකට මෙහෙම උනේ ඇයි..?(නු)
නේටෝ ආක්‍රමණය සාධාරණයි (නි)
භීෂණය තුලින් යමෙක් බලයට පැමිණියහොත් එම බලය රැකගැනීම සදහාත් භීෂණයේ උදවු අවශ්‍යය වන්නේය. (නි)