සිරියාවේ ඩමැස්කස් අගනුවරට ඊයේ (26) උදෑසන එල්ල වූ මෝටාර් ප‍්‍රහාර කිහිපයකින් කුඩා දරුවන් දෙදෙනකු සහ කාන්තාවක ඇතුළු 10 දෙනෙක් තුවාල ලැබූහ.
මෝටාර් ප‍්‍රහාරය එල්ල වූයේ ඩමැස්කස් අගනුවර අබු රුමාන් පළාතේ පිහිටි අල් හසාන් මුස්ලිම් පල්ලියටය. මෝටාර් ප‍්‍රහාරයෙන් පල්ලියට හානි සිදුවිය.
සිරියානු රජය චෝදනා කළේ එම ප‍්‍රහාරය සිදු කළේ බටහිර ආධාර ලබන ඉස්ලාමීය ‘ත‍්‍රස්තවාදීන්’ කියාය.
සිරියානු අර්බුදය දිග් ගැස්සී ඇත්තේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල අනුග‍්‍රහය ලැබෙන සිරියානු කැරැලිකරුවන්ට සහ විපක්ෂ කණ්ඩායම්වලට සුන්නි මුස්ලිම් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ද සහාය හිමිවන නිසාය.
මේ වනවිට සිරියානු අර්බුදය සුන්නි සහ ෂියා මුස්ලිම් ගැටුමක් බවට ද පරිවර්තනය වී ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති. ඉරාකයේ අල් කයිඩා සටන්කාමීන් මෙන්ම පාකිස්තානයේ සුන්නි මුස්ලිම් සටන්කාමී සංවිධානවල සාමාජිකයෝ ද මේ වනවිටත් සිරියාවට පැමිණ සිරියානු රජයට එරෙහිව සටන් වදිති.
එම සටන්කාමීන් කියා සිිටයේ ඉකුත් 21 වැනිදා සිදුවුණු විස වායු ප‍්‍රහාරයට සිරියානු රජය සම්බන්ධ බවත් සිවිල් වැසියන් අමු අමුවෙන් ඝාතනය කිරීමට එරෙහිව සිරියානු රජයෙන් පළි ගන්නා බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ෂා අල්ලාහ්?අල්ලාහ්ගේ කැමැත්තට සියල්ල සිදුවේ.එහෙම බලන කොට අල්ලාහ් මනුෂ්‍ය ඝාතන ප්‍රියකරන්නෙක්ද?අල්ලාහ් උදව් කරන්නේ සුන්නි වරුන්ටද ශීය වරුන්ටද? (ස)
අර්ෂා,ඔබ කිව්ව 9/11 ප්‍රහාරයෙන් පසු අල්ලාහ්ගේ බලය මේකද? (ස)
සුන්නි සහ ෂියා ජාතිකයින් විසින් මුස්ලිම්වරුන් මරා දැමීම උතුම් අල්ලාහ්ගේ කැමැත්තයි...!!! (ස)