සිරියාවේ ඩමැස්කස් අගනුවරට ඊයේ (26) උදෑසන එල්ල වූ මෝටාර් ප‍්‍රහාර කිහිපයකින් කුඩා දරුවන් දෙදෙනකු සහ කාන්තාවක ඇතුළු 10 දෙනෙක් තුවාල ලැබූහ.
මෝටාර් ප‍්‍රහාරය එල්ල වූයේ ඩමැස්කස් අගනුවර අබු රුමාන් පළාතේ පිහිටි අල් හසාන් මුස්ලිම් පල්ලියටය. මෝටාර් ප‍්‍රහාරයෙන් පල්ලියට හානි සිදුවිය.
සිරියානු රජය චෝදනා කළේ එම ප‍්‍රහාරය සිදු කළේ බටහිර ආධාර ලබන ඉස්ලාමීය ‘ත‍්‍රස්තවාදීන්’ කියාය.
සිරියානු අර්බුදය දිග් ගැස්සී ඇත්තේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල අනුග‍්‍රහය ලැබෙන සිරියානු කැරැලිකරුවන්ට සහ විපක්ෂ කණ්ඩායම්වලට සුන්නි මුස්ලිම් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ද සහාය හිමිවන නිසාය.
මේ වනවිට සිරියානු අර්බුදය සුන්නි සහ ෂියා මුස්ලිම් ගැටුමක් බවට ද පරිවර්තනය වී ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති. ඉරාකයේ අල් කයිඩා සටන්කාමීන් මෙන්ම පාකිස්තානයේ සුන්නි මුස්ලිම් සටන්කාමී සංවිධානවල සාමාජිකයෝ ද මේ වනවිටත් සිරියාවට පැමිණ සිරියානු රජයට එරෙහිව සටන් වදිති.
එම සටන්කාමීන් කියා සිිටයේ ඉකුත් 21 වැනිදා සිදුවුණු විස වායු ප‍්‍රහාරයට සිරියානු රජය සම්බන්ධ බවත් සිවිල් වැසියන් අමු අමුවෙන් ඝාතනය කිරීමට එරෙහිව සිරියානු රජයෙන් පළි ගන්නා බවය.
2025 නොවැම්බර් මස 04
383
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිරියාවේ ඩමැස්කස් අගනුවරට මෝටාර් ප‍්‍රහාරයක්:
වීර Tuesday, 27 August 2013 09:54 AM
ඉන්ෂා අල්ලාහ්?අල්ලාහ්ගේ කැමැත්තට සියල්ල සිදුවේ.එහෙම බලන කොට අල්ලාහ් මනුෂ්‍ය ඝාතන ප්‍රියකරන්නෙක්ද?අල්ලාහ් උදව් කරන්නේ සුන්නි වරුන්ටද ශීය වරුන්ටද? (ස)
වීර Tuesday, 27 August 2013 09:55 AM
අර්ෂා,ඔබ කිව්ව 9/11 ප්‍රහාරයෙන් පසු අල්ලාහ්ගේ බලය මේකද? (ස)
මොහොමඩ් Tuesday, 27 August 2013 03:31 PM
සුන්නි සහ ෂියා ජාතිකයින් විසින් මුස්ලිම්වරුන් මරා දැමීම උතුම් අල්ලාහ්ගේ කැමැත්තයි...!!! (ස)