සිරියාවේ පවතින ගැටුම්වලින් මේ වනවිට සිවිල් වැසියන් 3,500 ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්ට බලයෙන් ඉවත් වන්නැයි බලකරමින් සිරියාවේ ගැටුම් ඇරැඹුනේ මීට මාස 8 කට පෙරය. ඒ, ටියුනීසියාවේ, ඊජිප්තුවේ සහ ලිබියාවේ විරෝධතා ඇරැඹීමත් සමඟය.විරෝධතාකරුවන් මර්දනය කිරීමට සිරියා ජනාධිපති අසාද් හමුදාව යොදා ගන්නා අතර අවි අතට ගත් විරෝධතාකරුවෝ හමුදාවට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරති. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන අන්දමට දරුණු අවි ගැටුම් පවතින්නේත් මානව හිමිකම් දරුණු ලෙස උල්ලංඝනය වන්නේත් හෝම්ස් නුවරය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කටයුතු සම්බන්ධ මහ කොමසාරිස්වරයා මේ බව කියා සිටියේ පෙරේදා (09) ජිනීවා නුවරදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදීය.සිරියා රජය පවසන්නේ විරෝධතා පවත්වන්නේ ෂියා මුස්ලිම්වරුන් අතලොස්සක් පමණක් බවය. තවමත් දහස් ගණනක් සිරියා වැසියෝ ජනාධිපති අසාද්ට පක්ෂපාතීව කටයුතු කරන අතර බවත් ඔවුන් ජනාධිපතිවරයාට සහාය පළ කරමින් රැලි පවත්වන බවත් සිරියා රජය පවසයි.සිරියාවේ මානව හිමිකම් සුරකින ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය පමණක් නොව අරාබි ලීගය ද සිරියා ජනපතිවරයාගෙන් අවස්ථා කිහිපයකදී ඉල්ලා ඇත. කෙසේ නමුත් අසාද්ට පාලන බලය අහිමි වුවහොත් ඔහුට රැකවරණ දෙන්න තමන් සූදානමින් සිටින බව ද අරාබි ලීගය දැනුම් දී තිබේ.
2025 දෙසැම්බර් මස 04
637
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
433
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරියාවේ ගැටුම්වලින් 3,500 ක් මියගිහින්