සිරියා රජයේ හමුදා යළිත් වරක් තුර්කියට ප‍්‍රහාරයක් එල්ල කළහොත් සිරියාවට පහර දීමට තමන් සූදානමින් සිටින බව උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව අනතුරු අඟවයි.
සිරියාවේ අසල්වැසියා වන තුර්කිය නේටෝ සාමාජිකයෙකි. ඉකුත් සති අන්තයේ සිරියා රජයේ හමුදා එරට කැරැුලිකරුවන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ෂෙල් වෙඩි ප‍්‍රහාරයක් සහ මෝටර් ප‍්‍රහාරයක් තුර්කි මායිම් ගම්මානවලට පතිත විය.
සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව සටන් කරන ආයුධ සන්නද්ධ කැරැුලිකරුවන් සටන් මෙහෙයවන්නේ තුර්කි/සිරියානු දේශසීමාවේ සිටය.
සිරියා රජයේ හමුදා පහර දෙන්නේ එම කැරැුලිකරුවන් ඉලක්ක කර ගනිමින්ය. සිරියා රජයේ හමුදා සහ කැරැුලිකරුවන් අතර උතුරුදිග දේශසීමා ප‍්‍රදේශයේ මේ වනවිටත් දරුණු ගැටුම් පවතී.
සිරියාවත් තුර්කියත් අතර හටගත් එම අර්බුදය සම්බන්ධයෙන් විශේෂ සමුළුවක් පෙරේදා (9) බ‍්‍රසල්ස් නුවරදී පැවැත්විණි. ”සිරියාවෙන් එල්ල වූ ප‍්‍රහාරය හමුවේ තුර්කිය ඉතා ඉවසීමෙන් කටයුතු කිරීම ප‍්‍රසංශනීයයි. ඒත් සිරියා රජයේ හමුදා දිගින් දිගටම තුර්කියට පහර දෙන්නේ නම් අප එය ඉවසා සිටින්නේ නැහැ. සිරියාවට එරෙහිව හමුදා ප‍්‍රහාරයක් ආරම්භ කරනවා” යැයි සමුළුව අමතමින් නේටෝ මහ ලේකම් ඇන්ඩර්ස් ෆොග් රස්මුසෙන් පැවැසීය.
නේටෝ සාමාජික රටකට කිසියම් රටක් ප‍්‍රහාරයක් එල්ල කළහොත් ඊට එරෙහිව යුද ප‍්‍රකාශ කිරීමට නේටෝවට නෛතික අයිතියක් ඇත.
ඇමෙරිකාව ප‍්‍රමුඛ පටහිර රටවල් තුර්කියට ප‍්‍රහාරයක් එල්ල කරන තත්ත්වයට සිරියා රජය පත් කර, තුර්කියට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සලස්වා, නේටෝව හරහා සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙනවා යැයි චීනයත් රුසියාවත් ඉරානයත් චෝදනා කරයි.
මේ වනවිට තුර්කි/සිරියා දේශසීමාවේ තුර්කි රජය සමඟ එක් වී නේටෝ හමුදාව යුද අභ්‍යාසයක් ද ආරම්භ කර ඇත. සිරියාව සමඟ යුද්ධ කිරීමට තමන් ද පැකිළෙන්නේ නැතැයි තුර්කි අගමැති රිසෙප් ටයියිප් එර්ඩෙගෝන් ද අනතුරු අඟවා තිබේ.
බටහිර බලවේග සිරියාවත් තුර්කියත් අතර ඉතා සූක්ෂම ආකාරයට ‘විරසකයක්’ නිර්මාණය කර ඇති බවටත්, සිරියාවට ප‍්‍රහාරයක් දීමට නේටෝව තුර්කිය දඬමීමා කරගෙන ඇති බවටත් ඉරානය චෝදනා කරයි.
සිරියා අර්බුදයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ඉරානයේත් රුසියාවේත් චීනයෙත් අදහස වී ඇත. සිරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අවස්ථා කීපයකදී යෝජනාවලීන් සම්මත කර ගැනීමට උත්සහ ගත් විට ඊට එරෙහි වූයේ චීනය සහ රුසියාවය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නේටෝව මුලින්ම ගහන්න ඕනෑ ඇමෙරිකාවට. (නි)
සිරියාවටත් කන්න තමයි වෙන්නේ (නි)
ඌරගේ මාළු ඌරගේ ඇගේ තියන්ම බටහිරකාරයෝ කපන්න හදන බව පේනවා (ස)
ඇමරිකාවට පුළුවන්නම් අසල්වැසි පුංචි කියුබාවට පහර දෙන්න බැරි ඇයි (ස)
යුද්දය නම් එපා
ඇමරිකාව කියුබාවට ගහන්නෙ මොකටද?බැණ ගන්නවා මිසක් ගහ ගන්න දෙයක් එතන නැහැනෙ.සිරියාව ගැන චීනයටයි,රුසියාවටයි අමාරුව තියෙන්නෙ සිරියාව ආයුධ මිලදී ගන්නෙ ඒ රට වලින් නිසා..ඔච්චර ඇම්මක් තියනවා නම් සිරියාවට කියන්න බැරියැ අනිත් රට වලට පහර එල්ල කරන්න එපා කියලා. (ස)