සිරියාවට අත තැබීමට කිසිම බටහිර රටකට ඉඩ නොදෙන බව ඉරාන විදේශ ඇමැති අලී අක්බාර් සාලේ පවසයි.
ඉරාන විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ ජෝර්දානයේ සංචාරයකට පැමිණ එරට විදේශ ඇමැති නසාර් ජුදා සමඟ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
සිරියා රජය රසායනික අවි භාවිත කරන බවට චෝදනා කරමින් එරටට පහරදීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් උත්සහ ගන්නා බවත්, එසේ ප‍්‍රහාරයක් එල්ල කළහොත් සිරියාව පමණක් නොව මුළුමහත් අරාබි කලාපයටම එය බලපෑමක් කරනු ඇති බවත් ඉරාන විදේශ ඇමැතිවරයා පෙන්වා දෙයි.
සිරියානු අර්බුදය විසඳීමට අවශ්‍ය වන්නේ බටහිර විසඳුමක් නොව, සිරියානු විසඳුමක් යැයි ද හෙතම වැඩි දුරටත් කියා සිටී.
සිරියා ජනපති අසාද්ගේ හමුදාවට අවශ්‍ය නම් යුද පුහුණුව ලබාදීමට තමන් සූදානමින් සිටින බවද ඉරානය පවසා ඇත. ඉස්ලාමීය ජාතියක් වශයෙන් තම රජය සිරියාවට සහාය දක්වන බව ද ඉරානය වැඩි දුරටත් අවධාරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලිනුත් ඔහොම තම කිවුවේ.අන්තිමට බලද්දී මැදපෙරදිග රටවල් ටික ඔක්කොම ඇමරිකාවට සහය පල කරලා තමන්ගේ රටෙන් සෙබළු පවා ලබා දුන්නා නේටෝ එකට. (නි)
මේ කියන සහය කවදාවත් මැදපෙරදිගින් නම් පල වෙන්නේ නැහැ.මොකෝ ඉරානේ තමයි මැදපෙරදිග රටවලට බලපෑම් කරන්නේ දැඩි මතදාරි ඉස්ලාම් ප්‍රතිපත්තියකට යන්න කියලා. ඇමරිකාව නැත්නම් දැනටමත් මැදපෙරදිග ඉරානේ අල්ලාගෙන. (නි)
ඇමරිකාවට අපි සහය දෙන්න ඕනෑ (නි)
ජනපති අසාද්ගේ පාලනය කොහොමත් බිඳ වැටෙයි කියල හිතනවා. ඒ වගේම ඉරානයටත් යමක් සිදු වේවි. දැන් සිදුවෙමින් පවතින්නේ බිහිවීමට නියමිත මැද පෙරදිග තනි අධිරාජ්‍යට අවශ්‍ය මූලික පසු බිම සැකැසීමයි. අදාල අධිරාජ්‍ය බිහිවෙන්න මැදපෙරදිග තව බොහෝ වෙනස්කම් සිදු විය යුතු යැයි සිතනවා. එම අධිරාජ්‍යයේ අගනුවර සිරියාව බවට පත්වේවි.(නදී)
ශිලා හරියටම හරි (නි)