සිරියා රජයේ හමුදා රසායනික අවි යොදා ගනිමින් කැරැලිකරුවන්ට ප‍්‍රහාර එල්ල කරන බවට ඊශ‍්‍රායල රජය දිගින් දිගටම චෝදනා කළත් ඒ බව ඔප්පු කිරීමට ඔවුන්ට නොහැකි බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ වනවිට ඊශ‍්‍රායලයේ සංචාරයක යෙදී සිටී. සිරියාව සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා ගැන ඔහු පෙරේදා (23) අගමැති බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡුා කළේය.
රාජ්‍ය ලේකම් කෙරී කියා සිටියේ සිරියාව සම්බන්ධයෙන් එල්ල කරන චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි ඉදිරිපත් කිරීමට අගමැති නෙදන්යාහු අපොහොසත් වූ බවය.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ‍්‍රායලයේ සංචාරයක යෙදෙන්නේ මැදපෙරදිග අර්බුදය ගැන සාකච්ඡා කිරීමේ අරමුණින්ය.