සිරියානු කැරැලිකරුවෝ ඊයේ (1) එරට දීල් අල් සෝර් දිස්ති‍්‍රක්කයේ තෙල් ළිං තුනකට පහර දී ගිනි තැබූහ.
දිනකට තෙල් බැරල් 5,000 ක් එම තෙල් ළිංවලින් නිපදවන බවත්, ඒවාට ගිනි තැබීමෙන් සිදුවූ පාඩුව අතිමහත් බවත් සිරියානු රජය නිවේදනය කර ඇත.
පැය ගණනාවකට පසු, විශාල පරිශ‍්‍රමයක් දරා තෙල් ළිංවල හටගත් ගින්න නිවා දැමීමට සිරියානු රජයට හැකි වූ බව ද එරට පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කරයි.
දීල් අල් සෝර් දිස්ති‍්‍රක්කයේ පළාත් රැසක් අල්ලා ගැනීමට ද කැරැලිකරුවන් සමත් ව ඇතැයි සිරියානු රජය පවසයි.
බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනයට එරෙහිව ආයුධ අතට ගෙන සටන් කරන එම කැරැලිකරුවන් උත්සහ ගන්නේ රටේ තෙල් සම්පත අඩපන කර රට තව දුරටත් අස්ථාවර කිරීමට යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
දීල් අල් සෝර් දිස්ති‍්‍රක්කයේ තවත් තෙල් ළිං හයක් පිහිටා ඇති අතර ඒවාට මේ වනවිට හමුදා ආරක්ෂාව යෙදා ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
මේ මිනිස්සු හරිම මෝඩයි. විනාස කරන්නේ තමන්ගේ රටේම සම්පත් (ස)
මේ මොන අපරාධයක්ද මේ (දී)