IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සිරියානු කැරැලිකරුවන්ට ඇමෙරිකාවෙන් සහනාධාර


බලය අත්හැරීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය පෙරළීමට සටන් කරන ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්ට ආහාර සහ ඖෂධ වර්ග ලබා දීමට ඇමෙරිකාව සූදානමින් සිටී.
ඇමෙරිකා රජය සිරියා කැරැලිකරුවන්ට මේ අයුරින් සහනාධාර ලබා දීමට සූදානම් බව පැවැසුවේ ඇමෙරිකානු නව රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඊයේ (28) පැවැසීය.
ඔහු එසේ කියා සිටියේ ඉතාලියේ රෝම නුවරදී සිරියානු කැරැලිකරුවන්ට සහාය පළ කරන ‘සිරියානු මිතුරෝ’ යන නමින් හැඳින්වෙන බටහිර රටවල නියෝජිතයන් හමුවෙමිනි.
සිරියා රජයට එරෙහිව කැරැලිකාර පාර්ශ්වයට සහාය දක්වන අරාබි රටවල නියෝජිතයන් ද එම අවස්ථාවට සහභාගී වූ බව වාර්තා විය.
ඇමෙරිකාව මේ වනවිටත් එම කැරැලිකරුවන්ගේ දේශපාලන හඬ ලෙස සැලකෙන, විපක්ෂ දේශපාලන කණ්ඩායම් එක් වී පිහිටුවූ ‘සිරියානු පාලක මණ්ඩලයට’ මූල්‍ය ආධාර ලබා දෙයි. සිරියා පාලක මණ්ඩලයේ ලියාපදිංචි කැරැලිකරුවන්ට වැටුප් ගෙවීමක් ද එමගින් සිදුවේ.
සිරියානු අර්බුදය විසඳීමට තවමත් හැකියාවක් ලැබී නැත්තේ, ලෝකයේ රටවල් බල කඳවුරු දෙකකට බෙදී සිටීම නිසාය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙද්දී ඉරානය, චීනය සහ රුසියාව බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය පළ කරයි. 
පවතින අර්බුදයට ස්ථිරසාර විසඳුමක් සෙවීමේ අරමුණ ඇතිව ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වීමට සිරියානු රජය සූදානම් බව එරට විදේශ ඇමැති වලීඞ් අල් මුවාලීම් පවසා ඇත.
සාකච්ඡා පැවැත්වීමට සූදානම් නමුත් ත‍්‍රස්තවාදයට සිරියාව තුළ හිස එසවීමට කිසිසේත් ඉඩ නොදෙන බව සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් තරයේ කියා සිටින බව ද විදේශ ඇමැතිවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටී.



අදහස් (0)

සිරියානු කැරැලිකරුවන්ට ඇමෙරිකාවෙන් සහනාධාර

පර්සානා Friday, 01 March 2013 10:24 AM

අපිටම ගසා ගන්නවා වගේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 530 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site