මීළඟ යුරෝපා සංගම් මැතිවරණයේදී සිරියානු කැරැලිකරුවන්ට  ආයුධ ලබා දීමට පනවා ඇති තහනම ඉවත් කිරීමට තමන් නිෂේධ බලය යොදා ගන්නා  බව බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන් පවසයි.
යුරෝපා සංගමයට තුළ සිරියාවට එරෙහිව අවි තහනමක් කි‍්‍රයාත්මක වන්නේ ඉකුත් මාර්තු පළමු වැනිදා සිටය. 
එම තහනම යටතේ යුරෝපා සංගමයට අයත් රටවලට සිරියානු රජයට හෝ කැරැලිකරුවන්ට හෝ අවි ආයුධ දීම කළ නොහැක.
බි‍්‍රතාන්‍ය අගමැතිවරයා පවසා ඇත්තේ  සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට උත්සහ ගන්නා සිරියානු කැරැලිකාර පාර්ශ්වයට පමණක් ආයුධ ලබා දීමට තමන් පියවර ගන්නා බවය. කෙසේ නමුත් සිරියා රජය චෝදනා කරන්නේ දැනටමත් නිල නොවන මට්ටමින්,  ඇමෙරිකාවත්, බි‍්‍රතාන්‍යයත් සිරියානු කැරැලිකරුයවන්ට අවි ආයුධ දෙන බවටය.
මේ අතර බටහිර රටවල් කොතරම් කුමන්ත‍්‍රණ කළත්, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් 2014 වසර වනතෙක් බලයේ රැඳී සිටිනු ඇතැයි ඉරානය පවසයි. රුසියාව, චීනය මෙන් ඉරානය ද සිරියානු රජයේ සමීපතම මිතුරෙකි.