දිනෙන් දින උග‍්‍රවන සිරියානු අර්බුදය විසඳීමට නම් සාමකාමී දේශපාලන විසඳුමක් කඩිනමින් අවශ්‍ය බව ඇමෙරිකාවත් රුසියාවත් පවසයි.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, රුසියාවට ගොස් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සහ විදේශ ඇමැති සර්ගේ ලැව්රෝ හමුවී සිරියානු අර්බුදය ගැන පෙරේදා (7) දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.
මොස්කව් නුවරට පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා හමුවීමට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් පැමිණියේ පැය 3 ක් ප‍්‍රමාද වීමෙනි.
රාජකාරි කටයුත්තක් හේතුවෙන් තමා ප‍්‍රමාද වූ බව පවසමින් ඒ ගැන සමාව ඉල්ලීමට ද රුසියානු ජනපති පුටින් අමතක නොකළේය.
සිරියානු අර්බුදයේදී, රුසියාව සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දෙයි. ඇමෙරිකාව සහාය දෙන්නේ විපක්ෂ කණ්ඩායම් සහ කැරැලිකරුවන්ටය. සිරියා අර්බුදයට විසඳුමක් සෙවීමට හැකියාවක් ලැබී නැත්තේ ද ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටින නිසාය.
සිරියානු අර්බුදය සම්බන්ධයෙන් රුසියාවත් ඇමෙරිකාවත් මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කළේ 2012 වසරේ දී ජිනීවා නුවරදීය. එම සාකච්ඡා අසාර්ථක විය. එම සාකච්ඡුා සඳහා සහභාගී වූයේ එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ධුරය හෙබවූ හිලරි ක්ලින්ටන්ය.
පැය කිහිපයක සාකච්ඡාවකින් පසු, රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත් වූහ. එහිදී ඔවුන් දෙදෙනාම කියා සිටියේ සිරියානු අර්බුදය විසඳිය හැක්කේ දේශපාලන විසඳුමකින් පමණක් කියාය.
‘‘-සිරියානු ජනතාවගෙන් බහුතරය සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයට පක්ෂයි. ඒ, පක්ෂපාතී භාවය ඇති වී තිබෙන්නේ ඔවුන් අසාද්ට හෝ රජයට හෝ කැමැති නිසා නොවේ. ඔවුන් දන්නවා රජය බිඳ වැටුණොත් රට අස්ථාවර වෙන බව. රටේ බෙදුම්වාදී කලබල ඇති බව බව. වාර්ගීක සහ ආගමීක වශයෙන් රට දෙකඩ වෙන බව.” යැයි එම මාධ්‍ය හමුවේදී රුසියානු විදේශ ඇමැතිවරයා අවධාරණය කළේය.
|
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් කෙරී (වමේ) රුසියානු විදේශ ඇමැති හමුවී |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාර්ගීක සහ ආගමීක වශයෙන් රටවල් දෙකඩ කිරීමට ඇමරිකාව, බටහිර බලවතුන් සහ ඔවුන්ගේ රූකඩ වලට ඉඩදිය නොහැකියි. රුසියාවටත් චීනයටත් ජයවේවා.(නදී)
හා හා එතකොට අර ඇමෙරිකාව, ඊශ්‍රායලය පන දා ගෙන උදව් කළ සිරියන් කැරලිකාරයෝ මරලා දානවද?කවදාවත් ඒක වෙන්නේ නැහැ.ඇමෙරිකාවේ තවත් ගැටයක් තමා මේ. ඇමෙරිකාව නම් මහා පුදුම වදයක් මුළු ලෝකෙටම. (නි)