තමන් සොරාගත් බඩුබාහිරාදිය නැවත හිමිකරුවන්ටම භාරදීමට කටයුතු කළ සොරමුලක් ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ සාන්ත බර්නාඩිනෝ ප‍්‍රදේශයෙනි.
සාන්ත බර්නාඩිනෝහි ලිංගික අඩත්තේට්ටම් වලට ලක්වූවන් වෙනුවෙන් පෙනී සිටිනා ලාභ නොලබන ආයතනයකට රැයේ කඩාපැන ඇති මේ සොරමුල එම ආයතනයේ තිබූ පරිගණක හා අනෙකුත් කාර්යාලීය උපකරණ සියල්ල සොරාගෙන ගොස් තිබේ.
දිනක් දෙකක් ගතවූ පසු කාර්යාලය ඉදිරිපිට සොරකම් කරනු ලැබූ පරිගණක ඇතුළු බඩු බාහිරාදිය ගොඩගසා තිබෙනු දැකගත හැකිවිය.ඒවා සමග වූයේ සොරුන් තබා ගිය සටහනකි.
‘‘අපට කිසිම අදහසක් තිබුනේ නැහැ අප මොනවද මේ සොරකම් කරන්නේ කියලා.මෙන්න ඔබේ බඩු මුට්ටු සියල්ල. පීඩාවට පත්වු මිනිස්සුන්ට පිහිට වන්නට ඔබලාට ශක්තිය ලැබේවා. දෙවි පිහිටයි‘‘ යැයි එම සටහනේ සදහන් වේ.
සොරුන් පරිගණක වල තිබූ අඩත්තේට්ටම් වලට පත්වූවන්ගේ තොරතුරු හා තම ආයතනය කි‍්‍රයාත්මක කර තිබූ ව්‍යාපෘතී ගැන තොරතුරු දැකීමෙන් මෙම තීරණයට එළැඹෙන්නට ඇතැයි ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ කැන්ඩි ස්ටාලින්ග්ස් කියයි.
සොරකම් කරනු ලැබූ බඩුබාහිරාදිය නැවත හිමිකරුවන්ටම භාරදුන් අවස්ථාවක් දැක්කාම යැයි සාන්ත බර්නාඩිනෝ පොලිසියේ ලූතිනන් පොල් විලියම්ස් පවසයි.සොර මුලක් වුවත් හෘද සාක්කියක් ඇතියවුන් පිරිසක් බව පෙනේ යැයි ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 04
146
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
363
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සොරුන්ගේ හිත උණු වේ
විකී Sunday, 11 August 2013 05:15 PM
විශිෂ්ටයි! (නි)
පද්මිණි Sunday, 11 August 2013 11:26 AM
අනේ හොදයි මිනිස්සු උනාම ඔහොම වෙනවා
චන්දා Sunday, 11 August 2013 12:09 PM
සංවේදීකම කියන්නේ ඕවට නරියනේ වැලිවේරියේ නැතුවට.(නදී)
චමත් Tuesday, 13 August 2013 09:03 AM
එහෙම තමයි, ඒ රටවල හොරකම් කියන්නෙත් රස්සාවක්. එයාලට ඒ වෘත්තියේ නීති, ආචාර්යධර්ම තියෙනවා. සෝමාලියාවේ එහෙම ජාතික ආදායමෙන් විශාල කොටසක් මුහුදු කොල්ලකෑම් වලින්ලු හොයන්නේ. (ස)