IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සිරකරුවෝ 150ක් පළා යති

නාදුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් අනතුරුව පිලිපීනයේ කිඩපවන් හී බන්ධනාගාරයකින් සිරකරුවන් 150ක් පමණ පළා ගොස් ඇත.

එම තුවක්කුකරු අයි එස් ත්‍රස්තවාදියකු යැයි බලධාරීහු සැක කරති. ප්‍රහාරයෙන් බන්ධනාගාර ආරක්ෂක නිලධාරියකු මිය ගොස් ඇත.

සිරකරුවන් පලා ගොස් ඇත්තේ ආරක්ෂක නිලධාරීන් හා තුවක්කුකරු අතර වෙඩි හුවමාරුව සිදුවන අවස්ථාවේදී ය.

බන්ධනාගාර නිලධාරී පීටර් බොන්ගාත් පැවසුයේ ත්‍රස්ත කණ්ඩායමක පිරිසක් නිදහස් කරගැනීමට මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බවයි. එම බන්ධනාගාරයේ සිරකරුවෝ 1500ක් පමණ සිටිති.

පලාගිය සිරකරුවන් සොයා එරට ආරක්ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මේ වන විට සිරකරුවන් හය දෙනකු අල්ලාගෙන ඇත.

පිලිපීනයේ බෙදුම්වාදී ගැටුම් වසර ගණනාවක සිට සිදුවෙයි. ත්‍රස්ත කණ්ඩායම් එරටට පැමිණෙන සංචාරකයින් පැහැර ගන්නා බවත් ත්‍රස්ත ප්‍රහාර සිදුකරන බවත් බලධාරීහු කියති.



අදහස් (0)

සිරකරුවෝ 150ක් පළා යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site