ග්‍රීසියේ ඒජියන් දූපත්හි උතුරු දිග සාමෝස් දූපතේ සරණාගත කඳවුරක විරෝධතාවයක් මැඩපැවැත්වීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එලල කර ඇතැයි වාර්තා වේ.

අවම පහසුකම් යටතේ රඳවා තබා ගැනීම සම්බන්ධව සංක්‍රමණිකයෝ මෙම විරෝධතාව ආරම්භ කර ඇත.

දිවයිනෙන් පිටවීමට අවසර දෙන ලෙස ඔවුන් ඉල්ලා ඇති අතර සංක්‍රමණිකයන් 300 ක් පමණ විරෝධතාවයට එක්වී සිටි බව පොලිසිය පවසයි.

ඒජියන් දූපත් වල ජනාකීර්ණ කඳවුරු වසා දමීමට එරට රජය සැලසුම් කර ඇති අතර වසර අවසාන වනවිට කඳවුරු වල පහසුකම් වැඩිකිරීමට අපේක්ෂා කරන බව පැවසේ.

මේ යටතේ පුද්ගලන් 20000 ක් පමණ ප්‍රධාන භූමියට ගෙනයෑමට සැලසුම් කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)