සෝමාලියාවේ මොගඩිෂු නගරයේ ගුවන්තොටුපළේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට බෝම්බ දෙකක් පිපිරීමෙන් අවම වශයෙන් හත් දෙනකුවත් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඝන දුමාරයක් එම ප්‍රදේශයෙන් අහසට විහිදෙන බව කියති. අප්‍රිකා ඒකාබද්ධ සාමසාධක කාර්යාලයක් ද මේ ආසන්නයේ පිහිටා ඇති බව වාර්තා වේ.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසා ඇත්තේ වාහනයක අටවා තිබූ බෝම්බයක් මුරපොළක් අසල දී පුපුරා ඇති බවයි.
අල් ක්වයිදා සංවිධානයට සම්බන්ධ අල් ශබාබ් සංවිධානය විසින් සෝමාලියාවේ මෙවැනි ප්‍රහාර බොහෝවිට සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd