සමලිංගික විවාහ නීතිගත කිරීමට විරෝධය පාමින් ප‍්‍රංශයේ පැරිස් නුවර ඊයේ (25) අති දැවැන්ත විරෝධතා රැුලියක් පැවැත්වුණු අතර ඊට ලක්ෂ 3 කට වැඩි ප‍්‍රංශ ජාතිකයෝ පිරිසක් සහභාගී වූහ.
විරෝධතාකරුවන් පැරිස් නුවර ෂොන්සලීසේ ස්මාරකය තෙක් පැමිණි අතර කලහකාරීව හැසිරුණු එම පිරිස මර්දනය කිරීමට පොලිසිය යෙදවීමට රජය කටයුතු කළේය.
කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කරමින් කලහකාරීන් විසුරුවා හැරීමට කැරැුලි මර්දන පොලිසිය කටයුතු කළ බවත් සියයකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වූ බවත් වාර්තා විය.
විරෝධතා රැලිය පැවැත්වුණේ සමලිංගික විවාහ නීතිගත කිරීමත් සමලිංගිකයන්ට දරුවන් හදාගැනීමට අවසර දීමත් සඳහා පනත් කෙටුම්පතක් ප‍්‍රංශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදීය.

විරෝධතාකරුවෝ පොලිසිය සමග ගැටෙමින්...