බලූ පටියක් ගෙළට ගැට ගැසූ පිරිමියෙකු සතර පයින් ඇවිද්දවාගෙන යන කාන්තාවක පසුගියදා ඇමරිකාවේ බටහිර වර්ජිනියා ප්රාන්තයේ වීදියක දැක ගත හැකි විය.මේ දෙන්නා අඹුසැමියෝය.
ඇය දම් පැහැ නිදන ඇදුමකින් සැරසී සිටියාය.මග සිටියෝ මේ දෙදෙනා ගැන පොලිසිය දැනුම්වත් කළහ.
පොලිසිය පැමිණෙන විට ඔවුන් වීදියේ නොසිටියෝය.කෙසේහෝ ඔවුන්ගේ නිවස සොයාගිය පොලිස් නිළධාරීහු මේ ගැන කරුණු විමසූහ.
එහිදී මොවුන් දෙදෙන සැමියා හා බිරිඳ බව හෙළිවිය.හතර පයින් ගොස් ඇත්තේ සැමියාය.
අලූත් දෙයක් අත්හදා බැලීමේ අරමුණින් මෙය කළ බව ඔවුහු කීහ.
හතර පයින් ගියේ සැමියා හෙයින් ඔහු පිළිඹධඅවධානය යොමු කළ පොලිස් නිළධාරීහු මෙසේ කළේ බිරිඳගේ බලකිරීම නිසාදැයි විමසූහ.
මෙය තමන්ගේද කැමැත්ත ඇතිව සිදුවුවක් බව සැමියා සහතික කළේය.
COMMENTS
ලංකාවෙත් බොහෝ පිරිමින් කාන්තාවන්ගේ වහලුන් , සුනකයින් වගේ තමා ඉන්නේ . තාම කවුරුවත් පොලොසියට පැමිනිලි කරලා නැති එක විතරයි වෙනස. (නදී)
අත් හදාගෙන තමයි සිව්පා විදියට ගමන් කරලා තියෙන්නේ ! නියම ස්වාමි පුරුෂයෙක් නම් මේ විදියට බලු වේන්නේ නැහැ.අනේ ඇමෙරිකන්...! (නදී)
කරන්නම දෙයක් නැතිවුනාම එකඟ වෙන්නේ නැතුව මක්කරන්නද (නදී)
සැමියා බිරිඳගේ ටොමියාය කියල අර අපේ පැත්තෙ මනුස්සයෙක් කියල තියෙන්නෙ නිකන්යැ (නදී)