වේල්ලක් බිඳීයෑම හේතුවෙන් වතුරෙන් යටවූ රන් ආකරයක සිරවූ පතල්කරුවන් නවදෙනකු බේරාගත් බව සිම්බාබ්වේ රජය පවසයි.
නීතිවිරෝධී පතල්කරුවන් වන මොවුන් පසුගිය අඟහරුවාදා (12) පතලේ සිරවූ අතර එම අනතුරින් දොළොස්දෙනකු පමණ මියගිය බව වාර්තා විය.
හරාරේ අගනුවරට බටහිරින් කඩෝමා ආසන්නයේ පිහිටි මෙම පතලේ සිරවී සිටි පුද්ගලයින් බේරාගැනීම සඳහා එතැන්සිට දැවැන්ත මුදවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක විය.
සිම්බාබ්වේ රජය විසින් මෙය ජාතික ව්‍යසනයක් ලෙස නම් කෙරිණි.
පතලේ මීටර් 40ක් පමණ ගැඹුරේ සිරවී සිටි මෙම පතල්කරුවෝ සියලුදෙනාම අවුරුදු 24ට අඩු අය බව පොලිසිය පවසයි. පතලේ උස් ස්ථානයක මොවුන් රැඳී සිට ඇති අතර ඔවුන්ගේ ගෙල දක්වාම වතුරෙන් යටවී තිබුණු බව සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.