ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව එක් වී ඇති කරගත් 'අවුකුස්' ආරක්ෂක සහයෝගීතාව යටතේ, ඕස්ට්‍රේලියාව න්‍යෂ්ටික බලැති සම්මැරීන් නිපදවීමට තීරණය කිරීම නවසීලන්තයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
ඕස්ට්‍රේලියාවේ න්‍යෂ්ටික බලැති සම්බැරීන්වලට තම මුහුදු සීමාවට ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම් කරන බව නවසීලන්ත ආග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් පවසා තිබේ.
ඕස්ට්‍රේලියාව 2016 දී න්‍යෂ්ටික බලැති සම්මැරීන් ඉදි කිරීමටත් ඒවා ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට එක් කිරීමටත් සූදානම් වූ අවස්ථාවේදී නවසීලන්ත රජය ඊට විරෝධය දැක්වීය.
නවසීලන්ත රජය, ඕස්ට්‍රේලියානු සම්මැරීන ඔවුන්ගේ මුහුදු සීමාවට ඇතුළුවීම ඒ අනුව තහනම් කෙරුණි. වත්මන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර ඇත්තේ පැනැවූ එම තහංචි ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති බවය.
'අවුකුස්' ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය සහ ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අතර සාකච්ඡාවක් ද පැවැත්විණි. එහිදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ඇගේ ස්ථාවරය පැහැදිලි කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සබ්මැරීන් තහනම වෙනස් වෙන්නේ නෑ