ස්පාඤ්ඤයේ වසර හතරක් තුළ පැවැත්වෙන සිව්වන මහා මැතිවරණය සඳහා අද (10) එරට ජනතාව ඡන්දය භාවිතා කළ බව වාර්තා වේ.
අවසන් වරට පසුගිය අප්‍රේල් මාසයේ පැවති මහ මැතිවරණයෙන් පාලක සමාජවාදී පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් නමුත් බහුතරය නොමැති වීම හේතුවෙන් ස්ථාවර රජයක් පිහිටුවීමට නොහැකි විය.
2015 වර්ෂයේ සිට ස්පාඤ්ඤයට ස්ථාවර රජයක් නොමැති අතර විචාරකයින් පවසන්නේ අද පැවැත්වෙන මැතිවරණයෙන් ද කිසිඳු පක්ෂයකට බහුතර බලයක් දිනා ගැනීමට නොහැකි වනු ඇති බවයි.
කැටලෝනියාවේ බෙදුම්වාදී අර්බුදය මැතිවරණ ව්‍යාපාරය පුරා ආධිපත්‍ය පතුරුවා ඇති බව මාධ්‍ය සඳහන් කරයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS