ඇමෙරිකා රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, එරට එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා රහසේ සිදු කළ ඔත්තු බැලීම් ලොවට හෙළි කළ ඇමෙරිකන් ජාතික එව්ඩව් ස්නෝව්ඩන්ට රැකවරණ දීමට රුසියාව කැමැත්ත පළ කිරීම ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් වී ඇත.
රුසියානු රජය, ස්නෝව්ඩන්ට රැුකවරණ ලබා දීමට කටයුතු කළේ ඉකුත් සිකුරාදාය. එන්.එස්.ඒ. ඒජන්තවරයකු ද වන 30 හැවිරිදි ස්නෝව්ඩන්, ඇමෙරිකා රජයේ ඔත්තු බැලීමේ රහස් මාධ්‍යවලට ප‍්‍රසිද්ධ කළේ ඇමෙරිකාවෙන් පිටවී හොංකොං දේශයට පැමිණීමෙන් පසුවය. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඔහු අත්අඩංගුවට ගැනීමට තැත් කළ අවස්ථාවේදී ඔහු රුසියාවට පලා ගියේය. ඒ, රුසියානු රජයේ අනුදැනුම මතය.
මොස්කව් නුවරට පැමිණි පසු ස්නෝව්ඩන්ට මොස්කව් ගුවන් තොටුපොළක කොටු වීමට සිදුවිය. ඒ, ඇමෙරිකා රජය ඔහුගේ බලත‍්‍රය අහෝසි කිරීම නිසාය. ගුවන් බලපත‍්‍රය අවලංගු කර ඇති නිසා ඔහුට වෙනත් රටකට යෑමට හැකියාවක් නැත. ස්නෝව්ඩන්, ලතින් ඇමෙරිකානු රටවලින් ආරක්ෂාව ඉල්ලූව ද ඔහුට එම ආරක්ෂාව නොලැබුණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.