
ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි ට නව පාර්ලිමේන්තුවේ මුල් දින 10 අහිමි වනු ඇතැයි වාර්තා වේ.
ඇය වාර්ෂිකව කරන සෞඛ්‍ය පරීක්ෂණවලට මුහුණ දීම සඳහා විදෙස් ගතවීමට නියමිත බවත් මේ හේතුවෙන් ඇයට නව පාර්ලිමේන්තු සැසියේ මුල් දින කිහිපය අහිමි වනු ඇති බවත් වාර්තා වේ.
සෝනියා ගාන්ධි සමඟ ඇයගේ දියණිය මෙන්ම කොංග්‍රස් පක්ෂයේ මහලේකම්වරිය ද වන ප්‍රියංකා ගාන්ධි වද්‍රා ද විදෙස් ගත වීමට නියමිත යැයි වාර්තා වේ.
කෙසේ වුවත්, දැනට පවතින සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඇයට මෙවර පාර්ලිමේන්තු සැසිය මගහැරීමට සිදුවනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.
කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු උපායමාර්ගික කණ්ඩායමේ සාකච්ඡාවක් අද (8) පැවැත්වීමට නියමිත අතර සෝනියා ගාන්ධි විඩියෝ තාක්ෂණය ඔස්සේ එම සාකච්ඡාව ඇමතීමට නියමිත බව ද වාර්තා වේ.
‘ද ඉන්දියන් එක්ස්ප්‍රස්’
- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd