ඉන්දියා කොංග්‍රස්  පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධිගේ දියණිය ප්‍රියාංකා ගාන්ධි  මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ඉන්දියා පුවත්පත් වාර්තා කළේය.

ඇය මැතිවරණයට ඉදිරිපත් වන්නේ වරණාසී අපේක්ෂිකාව ලෙසිනි.

 මෙවර මැතිවරණයේ දී පාලක කොංග්‍රසයට ප්‍රධාන විපක්ෂය වන වන භාරතීය ජනතා පක්ෂයෙන් විශාල අභියෝගයක් එල්ල වන හෙයින් ප්‍රියංකා ගාන්ධි ද ඡන්ද සටනට එක් ඇති බව ඉන්දියා දේශපාලන විශ්ලේෂකයෝ කියති.

භාරතීය ජනතා පක්ෂයට ආසන 250ක් ද කොන්ග්‍රසයට ආසන 120ක් පමණ ලැබෙතියි මහජන මත විමසුම් කියයි.

ඉකුත් හත් වැනිදා ආරම්භ වූ ඉන්දියා මහ මැතිවරණය අදියර නවයකින් පැවැත්වෙයි.  එහි සිව්වැනි අදියර හෙට බ්‍රහස්පතින්දා (17) ආරම්භ වීමට නියමිතය.

අවසන් ඡන්ද ප්‍රතිඵලය මැයි 16 වැනිදා ප්‍රකාශයට පත් කරනු ඇති බව ද මාධ්‍ය වාර්තා කරයි.