IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


සුනාමියෙන් මිය ගියැයි කී දැරියක් වසර හතකට පසු ගෙදර ඇවිත්

ඉන්දුනීසියාවට 2004 වසරේදී කඩා වැදුණු මහා සුනාමියට හසුවී මුහුදට ගසාගෙන ගොස් පණ බේරා ගත් දැරියක, සුනාමි ව්‍යසනයෙන් සත් වසරකට පසු යළි ඇගේ මාපියන් සොයා ගැනීමට සමත් වූවාය. 15 වියෙහි පසුවන මේරී යුරන්ඩා නැමැති එම දැරිය සුනාමියට ගසාගෙන යද්දී ඇයගේ වයස අවුරුදු 8 කි. එම අවස්ථාවේදී වාසනාවකට මෙන් දිවි බේරා ගත් ඇය, මාපියන්ගෙන් වෙන්වූ අතර වෙනත් කාන්තාවක ඇය දරුකමට ගෙන ඇත. එම කාන්තාව තමා හිඟමනේ යෙදවූ බව මේරී යුරන්ඩා පවසයි. ඇයගෙන් බේරී පැනගොස් තමා පදිංචිව සිටි මෙලාබෝ නමැති ගම්මානයට පැමිණීමට මේරී යුරන්ඩාට හැකියාව ලැබී ඇති අතර පසුගිය සතිඅන්තයේදී ඇය යළිත් මාපියන් සොයා ගැනීමට සමත්වූවාය. ”ලැබුණු විස්තර අනුව මා මගේ අම්මා තාත්තා සොයා ගෙන ආවා. හුඟක් අය මට උදව් කළා. වසර හතකට පස්සේ මට මගේ අම්මා යළි දකින්න ලැබුණා. ඇයට මුලදී මාව හඳුනා ගන්න බැරිවුණත් ඇය මගේ අම්මා බව මා ඇය දුටු ගමන්ම දැනගත්තා” යැයි මේරී යුරන්ඩා පවසයි. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා හටගත් සුනාමියෙන් ඉන්දුනීසියාවට පමණක් නොව ශ්‍රී ලංකාවට ද මහා විනාශයක් සිදුවිය. සුනාමියට හසුවීමෙන් මියගිය ගණන 230,000 කට වැඩිය. සුනාමියෙන් වැඩිපුරම බලපෑම් එල්ල වූයේ ඉන්දුනීසියාවටය. සුනාමිය හටගත්තේ ඉන්දුනීසියාව අසල මුහුදු පතුළේ හටගත් රික්ටර් මාපකයේ ඒකක 9.1 ක ප‍්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවක් හේතුවෙනි. මේරී යුරන්ඩා  මව සමඟ



අදහස් (0)

සුනාමියෙන් මිය ගියැයි කී දැරියක් වසර හතකට පසු ගෙදර ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 33 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site