පාකිස්තානයේ සිටින සින්දි ප්‍රජාවට එරෙහිව සිදුවන මානව හිමිකම්වලට එරෙහිව පියවර ගන්නැයි ලෝක සින්දි සම්මේලනය ජී7 කණ්ඩායමේ රටවල නායකයන්ගෙන් ඉල්ලා සිටියි.
පාකිස්තානයේ සින්දි ජනයාගේ මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝණය වන බවත් ඔවුන් දරුණු වදහිංසාවලට ලක්වන බවත් ඊට එරෙහිව පියවර ගන්නා ලෙසත් ලෝක සින්දි සම්මේලනය ජී7 සමුළුවේ ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේ ය.
ජී7 සමුළුව ඉකුත් දා අවසන් විය.
මේ වසරේ ජූනි මස ආරම්භය වනවිට කිසිදු වරෙන්තුවක් හෝ නොමැතිව දේශපාලන නායකයන් හා ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන හා මානව හිමිකම් ක්‍රියාකාරීන්, බුද්ධිමතුන්/විද්වතුන්, ලේඛකයන් සිය දහස් ගණනක් නීති විරෝධී ලෙස අත්අඩංගුවට පත්ව ඇතැයි ද එයින් අවම වශයෙන් පුද්ගලයන් 10,000කට ආසන්න පිරිසකට හෝ සිදුවීම්වලට එරෙහිව නඩු ගොනු කර ඇතැයි ජී7 සමුළුවේ දී ප්‍රකාශ කෙරුණි. ජී7 සමුළුවට ඉකුත් සෙනසුරාදා ඊට අදාළ ලේඛනයක් ද ඉදිරිපත් කෙරුණි.
සින්දි ජනයාගේ මානව හිමිකම් දරුණු ලෙස උල්ලංඝණය වන බවත් ඒවා වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙසත් ලෝක සින්දි සම්මේලනය ජී7 රටවල නායකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
මානව හිමිකම් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් විමර්ශන කරන්නැයි ද ඔවුන් ඉල්ලීම් කළේය.
ලොව අනෙක් රටවල් පාකිස්තානයට ආධාර ලබාදීම නතර කළ යුතු බවත් එවිට ඔවුන්ට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තිවලට, ජාත්‍යන්තර නීතියට සහ මානව හිමිකම්වලට අනුව කටයුතු කිරීමට සූදානම් වන බවත් ලෝක සින්දි සම්මේලනය සඳහන් කළේය.
(ඒ.එන්.අයි. ඇසුරිනි)
2025 දෙසැම්බර් මස 04
653
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
539
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
444
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සින්දි ප්‍රජාවට එරෙහිව කෙණෙහිලිකම්