ඇමෙරිකාවේ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් ලොවට හෙළි කර, එරට අත්අඩංගුවෙන් බේරී, රුසියානු රජයේ රැකවරණ ලබමින් ජීවත් වන ඇමෙරිකානු ජාතික එව්ඩඞ් ස්නෝව්ඩන් හමුවීමට, ඔහුගේ පියා ඊයේ (10) රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය.
ස්නෝව්ඩන්ගේ පියා, ලොන් ස්නෝව්ඩන් රුසියාවට පැමිණියේ ඔහුට වීසා නිකුත් කිරීමට රුසියානු රජය කැමැත්ත පළ කිරීමෙන් ද පසුවය.
ඇමෙරිකා රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, එරට එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා රහසේ සිදු කළ ඔත්තු බැලීම් ලොවට හෙළි කළේ 30 හැවිරිදි එව්ඩව් ස්නෝව්ඩන්ය.
එන්.එස්.ඒ. කොන්ත‍්‍රාත්කරුවකු වන ස්නෝව්ඩන්, ඇමෙරිකා රජයේ ඔත්තු බැලීමේ රහස් මාධ්‍යවලට ප‍්‍රසිද්ධ කළේ ඇමෙරිකාවෙන් පිටවී හොංකොං දේශයට පැමිණීමෙන් පසුවය.
ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඔහු අත්අඩංගුවට ගැනීමට තැත් කළ අවස්ථාවේදී ඔහු රුසියාවට පලා ගියේය. ඒ, රුසියානු රජයේ අනු දැනුම මතය.
මොස්කව් නුවරට පැමිණි පසු ස්නෝව්ඩන්ට මොස්කව් ගුවන් තොටුපොළක කොටු වීමට සිදුවිය. ඒ, ඇමෙරිකා රජය ඔහුගේ බලත‍්‍රය අහෝසි කිරීම නිසාය. ගුවන් බලපත‍්‍රය අවලංගු කර ඇති නිසා ඔහුට වෙනත් රටකට යෑමට හැකියාවක් නැත.
ස්නෝව්ඩන්, ලතින් ඇමෙරිකානු රටවලින් ආරක්ෂාව ඉල්ලූව ද ඔහුට එම ආරක්ෂාව නොලැබුණි. අවසානයේ දී රුසියාව ස්නෝව්ඩන්ට ආරක්ෂාව දීමට කැමැත්ත පළ කළේය.
COMMENTS
ලුම්බිණි, එතකොට අර අහවල් මහත්තයා මොන වගේ කෙනෙක්ද? (ස)
හොඳ වෙලාවට අපෙන් ආරක්ෂාව ඉල්ලුවේ නැත්තේ. නිකමටවත් එහෙම ඉල්ලුවා නම් ඇමෙරිකාවට ඒ ටිකම ඇති (නි)
එව්ඩඞ් ස්නෝව්ඩන් කියන්නේ තමන්ගේ රට ජාතිය පාවා දුන් කෙනෙක්. (නි)
අනුන්ගේ රටවල් පාවල දෙන අයට බැණ බැණ සත පනහට රුපියලට මගේ රට පාවලා දෙන අය සිය ගණන්.ඔච්චර ලොකු ඇමරිකාවේ එහෙම අය ඉන්නේ එකයි. ඇති මගේ රත්තරන් රට මෙහෙමවත් තිබෙනවා මගේ රටට දළදා හිමි සෙවණයි – මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි – උපතින් මා හට මේ හැම උරුමයි…// (නි)
රුසියාවේ මොස්කව් කියන කොටම මට මතක් උනේ අපේ රනා, එය හිටියේ නැද්ද දන්නේ නැහැ ගුවන් යානෙ, පයිලට් එක්ක වොඩ්කා බි බී. (ස)
රුසියාව කියන කොට මට මතක්වෙන්නේ එහේ ඉන්න බොරු ෂෝ (අ)